කුඩා මාංශපේශීන් හැසිරවීමේ හැකියාව කියන්නේ මොකක්ද?
මෙයින් අදහස් කරන්නේ දරුවාගේ ඇඟිලි ,මැණික් කටුව ,අත අදාළ කරගෙන කුඩා මාශ පේශීන් චලනය කිරීමේ හැකියාවයි. දරුවෙකු උපතේ සිට මෙම කුඩා මාංශපේශීන් වර්ධනය වීම සඳහා නොයෙකුත් ක්‍රියාකාරකම්වල යෙදේ.
නමුත් දරුවෙකුට ලිවීමට ,චිත්‍ර ඇඳීමට ,කුඩා වස්තුවක් සෙලවීමට ,දත් මැදීමට ,හෝ කතුර භාවිතා කර කැපීම් කිරීමට යම් අපහසුතාවක් දක්වන්නේනම් බොහෝවිට එම දරුවාගේ කුඩා මාංශපේශීන්ගේ වර්ධනයේ පසුබෑමක් තිබිය හැක.
අප එදිනෙදා ජීවිතේ කුඩා චලනයන් කිරීමට යොදාගනු ලබන්නේ අප ශරීරයේ ඇති කුඩා මාංශපේශීන් .නමුත් එය අප සිතනවාට වඩා ලෙහෙසි ක්‍රියාවලියක් නොවේ.එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් .මෙහිදී මොලය ,ඇස සහ මාංශපේශීන් එකට සම්බන්ධ වී ක්‍රියා කරයි.
අප දන්නවා ලෝකේ ජීවත් වන සෑම දරුවෙකුගේම වර්ධනය එක සමාන නොවේ නමුත් එක් එක් වයස් අවදියන්හි ( Milestone ), දරුවෙකු විසින් වර්ධනය කළ යුතු ක්‍රියාකාරකම් ඇත.
උදාහරණයක් ලෙස ගතහොත්
මාස 0 සිට 5 දක්වා දරුවන්ගේ කුඩා මාංශ පේශීන්ගේ ක්‍රියාකාරීත්වය අලුත උපන් දරුවා තමාට ප්‍රතිචාර දැක්වීමට දරුවාගේ අත චලනය කිරීම තමන් කැමති දේට ඇස යොමු කිරීම අන් අයගේ අනු දැනුම නොමැතිව චලනය වන කුඩා වස්තූන් ඇල්ලීමට උත්සාහ කිරීම ආදියෙන් දැකිය හැක.
මාස 6 සිට 12 දක්වා දරුවන් චලනය වන වස්තූන් ඇල්ලීම ,චලනය වන වස්තූන් දෙසට ගමන් කිරීම ,යම් වස්තුවක් දිගු කාලයක් අල්ලාගෙන සිටීම ,කුඩා වස්තුන් අල්ලා අතහැරීම ආදී ක්‍රියාකාරකම් කරයි.
නමුත් සමහර දරුවෝ ,මෙම ක්‍රියාකාරකම් කිරීමට අදාල වයස් අවධියට වඩා වැඩි කාලයක් ගනී . මෙම තත්වය Developmental coordination disorder (DCD) ලෙස හඳුන්වයි.
බොහෝ විට මෙම තත්තවය හඳුනා ගැනීමට හැකි වන්නේ දරුවන්ගේ පෙරපාසැල් අවධියේ දී.
දෙමාපියන් වැඩිහිටියන් හෝ ගුරුවරුන් විදියට අපට දරුවන්ගේ කුඩා මාංශ පේශීන් වර්ධනයට කළ හැකි ක්‍රියාකාරකම් මොනවාද???????
1 )පැන්සල් මගින් කරන ක්‍රියාකාරකම්- පාට කිරීම ,චිත්‍ර ඇඳීම ,ලිවීම .
2 )කතුර මගින් විවිධ දෑ කැපීමට දරුවාව උනන්දු කිරීම.
3 )lego ,blocks ,Puzzles ,කෝච්චි පාරවල් සම්බන්ධ කිරීම ආදී ක්‍රියාකාරකම්.
4 )බෝනික්කන්ට ඇඳුම් ඇන්දවීම ,බොත්තන් දැමීම ,හා බෝනික්කන් මගින් කරන අනෙකුත් ක්‍රියාකාරකම්.
5 )සපත්තුවේ ලේස් ගැට ගැසීම කොණ්ඩය කිරීමට පනාව ඇල්ලීම දැමීම බෙල්ට් දැමීම. Zip දැමීම ආදී දෑ.
6 )ඇඟිලි වලින් අල්ලා කෑම කෑමට උනන්දු කරවීම ,හැන්ද ගෑරුප්පුව අල්ලා කෑම කෑමට උනන්දු කරවීම ,පෙට්ටි ඇරීම හා වැසීම.
ඇඟිලි වලින් අල්ලා කෑම කෑමට කුඩා කල සිට දරුවා උනන්දු කරවීම ඉතාමත් හොඳ මාංශ පේශීන් වර්ධනය සඳහා ඇති ක්‍රියාකාරකමකි. මෙමගින් දරුවා කෑම වල විවිධ ස්වභාවයන් (රළු ,සිනිදු ,දියර )ස්වභාවයන් හඳුනා ගන්නට අවස්ථාව ලැබෙන අතර ඇඟිලි තුඩුවලින් අල්ලා ,එය කටට දැමීමේ දී සිදු වන ක්‍රියාකාරීත්වය දරුවාගේ කුඩා මාංශපේෂි වර්ධනය වීමට උදව් වෙයි.
7 )bubble wrap වල bubbles මහපට ඇඟිල්ල හා දබර ඇඟිල්ලෙන් පිපිරීමට උනන්දු කිරීම
8 )අතේ ඇඟිලි ඇල්ලීම.
9 )ඇඟිලි තුඩු වලින් කොළ කැබලි ගෙන එය ඇලවීම.
10 )විවිධ රෙදි කැබලි සහිත පෙට්ටියක් නිර්මාණය කර ,එම පෙට්ටියෙන් රෙදි කැබලි ඇදීම ,ඇල්ලීමට උනන්දු කිරීම.
11 )පෙට්ටියක් තුලට විවිධ මතුපිට ස්වභාවයන් සහිත භාණ්ඩ දමා ,ඒවා ඇල්ලීමට ,සෙලවීමට සහ ඒවායෙන් විවිධ ක්‍රියාකාරකම් කිරීමට දරුවා උනන්දු කිරීම .
12 )බිත්තර ඇසුරුම් පෙට්ටියක් තුලට විවිධ වර්ණයන්ගෙන් යුතු රෙදි කැබලි ,කඩදාසි කැබලි දමා එම පෙට්ටිය ඇරීමට වැසීමට මෙන්ම එහි ඇතුළත් ද්‍රව්‍යයන් සමග ක්‍රියාකාරකම්වල යෙදීමට උනන්දු කිරීම.
13 )මැසීම ,නූලට පබුළු ,පස්ටා දැමීම.
14 )ඇඳුම් වේලීමේදී භාවිතා කරන clips නැතහොත් clothing pegs ,මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල යොදාගෙන ඇරීම සහ වැසීමට උනන්දු කිරීම සහ clips මගින් කුඩා ද්‍රව්‍යයන් අල්ලා ගැනීමට උනන්දු කිරීම.
15 )playdough මිරිකීමෙන් ,තද කිරීමෙන් කුඩා playdough කටර් භාවිතා කර විවිධ රූප කැපීමට විවිධ රූප ඇඹීමට උනන්දු කිරීම.
(සැ.යු-ඇතැම් දරුවන් විවිධ ආහාර ,සතුන් ආශිතව නිපදවන රෙදි ,මගින් ආසාදන-allergy තත්වයන්ට පත්විය හැකි බැවින් ,එවැනි දරුවන්ට වෙනත් දේ විකල්ප ලෙස භාවිතා කරන්න .)
©️2019 Disni Padmakumara .All Rights Reserved
Disni Padmakumara-Diploma Qualified Educator (YMCA Chilcare-Australia)