බොහෝ විට විවාහ වුණු පසු කාන්තාවන්ට සහ පුරුෂයින්ට දරුවන් පිළිසිඳ ගැනීමේ දී විවිධ ගැටලු වලට මුහුණ පානවා. අද අපි කතා කරන්නේ කාන්තාවකගෙ වගේම පුරුෂයකුගේ සරු භාවය තීරණය වීමට බලපාන කරුණු මොනවා ද යන්නයි.
##නිවැරදි කාලය දැන ගැනීම
( Getting the timing right ) ඉස්සර කාලේ වගේ නෙමෙයි අද කාලේ ගැහැනු දරුවකු හෝ පිරිමි දරුවකු තරුණ වියට පත් වුණාට පස්සේ තමන්ගේ සෞඛ්‍යයට වඩා අධ්‍යාපනය රැකියාව නිවාස වාහන ආදී දේවල් ගැන වඩා සැලකිලිමත් වෙනවා .මම කළ අධ්‍යන කටයුතු වල මෙන්ම පෞද්ගලිකවම දරන අදහස වෙන්නේ මවක් අනිවාර්යෙන්ම තමන්ගේ දරුවන් වැඩිවියට පත්වූ පසු තමන්ගේ ශරීරය ,සෞඛ්‍ය ,මෙන්ම ලිංගිකත්වය සම්බන්ධව අවබෝධයක් අධ්‍යාපනයක් ඔවුන්ට ලබාදිය යුතු බවයි.
සැමියා සහ බිරිඳ දරුවකු බලාපොරොත්තු වන විට බොහෝ විට සැලකිලිමත් වන්නේ කාන්තාවගේ සරු කාලය පමණක්. නමුත් දරුවෙක් ගැන බලාපොරොත්තු ඇති ඔබ සරු කාලය පමණක් නොව තවත් බොහෝ කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.
ගැහැනු දරුවකු හෝ පිරිමි දරුවකු මේ සඳහා සූදානම් විය යුත්තේ විවාහයෙන් පසුව නොවේ. තමන් තරුණ වියට එළඹීමත් සමගම තමන්ගේ ශරීරයේ ඇතිවන වෙනස්වීම් පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න ඕනෙ.ඒ වාගේම තමයි තමන්ගේ ඔසප් වීම සිදු වූ දිනය පිළිබඳව සටහන් තබා ගැනීමත් අනිවාර්ය කටයුත්තක්. මේ සඳහා ඔබට ඔබගේ පෞද්ගලික දිනපොත ,ඔබගේ ජංගම දුරකතනයේ ඇප්ස් භාවිතා කරන්න පුළුවන්.
ගැහැනු දරුවකු හෝ පිරිමි දරුවකු තරුණ වියට පත්වීමත් සමඟම ඔබ දරුවකු බිහි කිරීම සඳහා සුදුසුකම් ලබනවා. මේ නිසා ගැහැණු දරුවකු විශේෂයෙන්ම ඔබගේ ඔසප් චක්‍රය පිළිබඳ මනා අවබෝධයක් ලබාගත යුතුයි .මොකද දරුවකු සෑදීමෙ දී අවශ්‍ය සරු කාලය තීරණය කිරීම,ඩිම්බහරණය වන කාලය තීරණය කිරීම,ඔසප් චක්‍රයෙ කාලය තීරණය කිරීමට වගේම ඔසප් චක්‍රයේ යම් ගැටලු පවතිනවා නම් ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ට මෙය ඉතාමත් වැදගත්.ඕනෑම කාන්තාවක් ගැබ් ගැනීමට හැකි වන්නේ ඔසප් චක්‍රය සරු කාලය තුලදී. ඔබට ඔබගේ සරුකාලය පිළිබඳව දැනුමක් ඇත්නම් ඔබට ඩිම්බහරණය වන කාලය පිළිබඳවත් දැනුවත් වීමට හැකි වනවා.
**fertility window
ඔසප් චක්‍රයේ ගැබ් ගැනීමට ඇති සුදුසුම කාලය fertility window මගින් දැන ගන්න පුළුවන්. මෙය ඩිම්බ කෝෂ මඟින් ඩිම්බ පිටවූ දවස දින පහකට පෙර ඔබට පෙන්වාදෙනවා.මෙම කාලය ඔබට ඔබගේ සැමියා සමග ලිංගිකව එකතු වීම සඳහා සුදුසුම කාලයයි. fertility window ඔසප් චක්‍රයේ කාලය මත තීරණය වේ. ඔසප් චක්‍රයෙ කාලය සෑම කාන්තාවකගේම එක සමාන නොවේ.
ඔසප් වීම පටන් ගත්තු දවසේ සිට (first day of period)ඊළග ඔසප් වීම පටන් ගන්නා දවසට කලින් දවස දක්වා කාලය ඔසප් චක්‍රයෙ කාලය යනුවෙන් හඳුන්වනවා. උදාහරණයක් ලෙස ඔබට ඔසප් වීම ඇති වුණු පළමු දවස පෙබරවාරි 28 නම් හා ඊළඟ ඔසප් වීම ඇති වූ දවස අප්‍රෙල් 3 නම් ඔබගේ ඔසප් චක්‍රය කාලය වන්නේ පෙබරවාරි 28 සිට අප්‍රේල් 2 දක්වා කාලයයි .ඒ කියන්නේ දවස් 34යි.
**සාමාන්‍ය ඔසප් චක්‍රයේ කාලය [avery menstual circle ]
ඔබගේ ඔසප් චක්‍රයේ කාලය සෑම මසකින් මසකටම වෙනස් වනවා නම් ඔබට සාමාන්‍ය ඔසප් චක්‍රයේ කාලය දැනගත යුතුයි. මේ සඳහා ඔබට මාස තුනක ඔසප් චක්‍රයෙ කාලය අවශ්‍ය වෙනවා.මාස තුනක ඔසප් චක්‍රය කාලය එකතු කර එය තුනෙන් බෙදීමෙන් මෙය ගණනය කරගන්න පුළුවන්.
උදාහරණයක් ලෙස ඔබගේ පළමු ඔසප් චක්‍රය දින 28 දෙවන ඔසප් චක්‍රය දින 32 තුන්වන චක්‍රය දින 27 නම්
28 + 32 + 27 =87
87/3=29
ඔබගේ සාමාන්‍ය ඔසප් චක්‍රය කාලය දින 29.
**ඔබගේ සරු කාලය තුළ උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම
ඔබ ඔබගේ සාමාන්‍ය ඔසප් චක්‍රයේ කාලය පිළිබඳව දැනුවත් නම්,ඔබට ඔබගේ ඩිම්බහරණය වන කාලය දැන ගන්න පුළුවන්.
ඩිම්බහරණය නැතිනම් ovulate වන්නේ ඔබගේ ඊළඟ ඔසප් වන දිනයට දින 14 කලින්.
>>ඉතින් ඔබගේ average නැතිනම් සාමාන්‍ය ඔසප් චක්‍රය දින 28 ක් නම් ඩිම්බහරනය වන්නේ දාහතර වන දිනයේ දී . ඔබගේ හොඳම සරු කාලය වන්නේ 12 13 14 යන දිනයක්
>>ඔබගේ සාමාන්‍ය ඔසප් චක්‍රයෙ කාලයේ දින 35 නම් ඩිම්බහරණය වන්නේ 21 යන දිනයෙදි.මෙහිදී හොඳම සරු කාලය වන්නේ 19 20 21 යන දිනයන්
>>සාමාන්‍ය ඔසප් චක්‍රය දින 21 වැනි කෙටි කාලයක් නම් ඩිම්බහරණය වීමට වන්නේ හත්වන දිනයේ දී.හොඳම සරු කාලය වන්නේ 5 6 7 යන දිනයන්.
මෙහිදී සරු කාලය ඩිම්බහරණය වන දිනයට දින තුනක් පෙර දින සහ ඩිම්බහරණය වන දිනයත් ඇතුළත් වනවා.
**ඩිම්බහරණය නැතිනම් වන කාලය දැනගැනීමට හැකි වෙනත් ක්‍රම මොනවාද???
~~~vaginal mucus (යෝනි මාර්ගයෙන් ගලන ශ්‍රාවය මගින්)
Ovulation වන දිනට,දින කීපයකට පෙර ඔබගේ යෝනිය මගින් ගලන ශ්‍රාවය පැහැදිලි ලිස්සන සුළු ගතියකින් යුක්ත නම් හරියට බිත්තර සුදුමදය වගේ මෙයින් පෙනෙන්නේ ඔබගේ ඩිම්බහරණය වීම ආසන්න බවයි.ඔබට මෙම කාලය තුළදී ලිංගිකව එකතු වීම ඉතාමත් සුදුසුයි.ඒ වගේම එම ශ්‍රාවය මගින් ශුක්ක්‍රානු වලට ඉතා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාවක් යුක්ත වෙනවා.නමුත් ඔබගේ පිටවන ශ්‍රාවය ඇලෙනසුලු ඝන ස්වභාවයෙන් යුක්ත නම් එය ඩිම්බහරණය වූ කාලය අවසන් බවට දන්වන සංඥාවයි මෙම කාලයේදී ලිංගිකව එකතුවීමෙන් ගැබ් ගැනීමේ ඇති හැකියාව අඩුයි.
##වයස
කාන්තාවකගෙ වගේම පුරුෂයකුගේ වයසත් දරුවෙක් ලැබීම සම්බන්ධව සරු භාවය තීරණය කිරීමේදී සලකා බලන්න ඕන.ගොඩක් දුරට අවුරුදු 35 ට වඩා අඩු කාන්තාවන්ටත් අවුරුදු 40 ට වඩා අඩු පිරිමින්ටත් දරුවන් ලබා ගැනීමට තිබෙන හැකියාව වැඩියි.
කාන්තාවක් මෙලොව ඉපදෙන්නේ ඇයට ජීවිත කාලයටම අවශ්‍ය ඩිම්බ ප්‍රමාණය සමඟයි. ඉතින් ඇය වයසින් වැඩිවන විට ඇය සතුව තිබෙන ඩිම්බවල වයස වැඩි වෙනවා ඒ එක්කම එම ඩිම්බ වල තිබෙන ගුණාත්මක භාවය අඩු වෙනවා මේ නිසයි වයස වැඩි කාන්තාවන්ට දරුවන් ලැබීමේදී විවිධගැටලු ඇති වන්නේ.එහෙමත් නැත්තන් දරුවන් ලැබීමට තිබෙන හැකියාව අඩු වෙන්නේ.
**වයස සහ ශුක්‍රාණුව
වයස අවුරුදු 40 ට අඩු පිරිමින්ට එම වයස් සීමාවට වඩා වැඩි පිරිමින්ට වඩා පීතෘත්වය සඳහා සුදුසුකම් ලබනවා.මන්දයත් ශුක්‍රාණුවක තිබෙන ගුණාත්මකභාවය අවුරුදු 40 ට වඩා වැඩි වූ පසු අඩුවෙනවා.බොහෝ පිරිමින්ගේ ශරීරය තුළ ශුක්‍රාණු මිලියනයක් පමණ සෑම දිනකම නිපදවනවා.නමුත් අවුරුදු 40න් පසු නිපදවන ශුක්‍රාණු වල ගුණාත්මක භාවය,නිරෝගීභාවය අඩුයි .ඒ වාගේම ශුක්‍රාණුව පවතින තරලය මෙන්ම ශුක්‍රාණුව ඩිම්බ වෙත ගමන් කිරීමට තිබෙන හැකියාව වයස වැඩිවීමත් සමගම අඩුවෙනවා.
ඉහත සඳහන් කරුණු වගේම සමහර කාන්තාවන්ට දරුවන් බිහි වීමේ දී විවිධ ගැටලු වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා.තරුණ ගර්භනී කාන්තාවකට වඩා වයසින් වැඩි ගර්භනී කාන්තාවකට ගබ්සා වීම gestational diabetes , placenta previa, placental abruption ආදී තත්වයන්ට පත්වන්න පුළුවන් .
###ශරීරයේ නිරෝගී බර පවත්වාගෙන යාම
කාන්තාවක් වන ඔබ උසට සරිලන බර පවතිනවා නම් දරුවකු පිලිසිද ගැනීමේ හැකියාව වගේම නිරෝගී දරුවකු බිහි කිරීමේ හැකියාව වැඩි.නමුත් ඔබේ බර වැඩිනම් නැතිනම් තිබිය යුතු බරට වඩා අඩු නම් දරුවකු පිලිසිද ගැනීමේදී ඔබට සාමාන්‍ය කාන්තාවකට වඩා කාලයක් ගතවෙන්න පුළුවන්. මෙයට හේතුව වන්නේ ශරීරයේ තිබෙන හෝමෝන තත්ත්වයයි. මෙය කාන්තාවකගේ ඔසප් චක්‍රයට වගේම ඩිම්බ වල ගුණාත්මකභාවය කෙරෙහි බලපානවා.ඒ වාගේම නියමිත පරිදි බර නොමැති වීම ගැහැනියකුගේ වගේම පිරිමින්ගේ ලිංගික ජීවිතයටත් බලපානවා. ඒ වාගේම බරින් වැඩි කාන්තාව දරුවෙකු ලැබීමේ දී අධික රුධිර පීඩනය,නොමේරූ දරු උපත්,සීසේරියන් උපත්, දියවැඩියාව ආදි ගැටලු තත්වයන්ද ඇති වෙන්න පුළුවන්.
ඔබට මේ තත්ත්වය සෞඛ්‍යමය ආහාර පුරුදු සහ ව්‍යායාම මගින් පාලනය කරගන්න පුළුවන්. නිරෝගී බරක් නොමැති කාන්තාගේ බොහෝ විට polycystic ovary syndrome නැතිනම් PCOS තත්වයන් දකින්නට පුළුවන් .මෙය ප්‍රධාන වශයෙන්ම කාන්තාවකගෙ සරු භාවය තීරණය කිරීමට බලපානවා. ඒ වගේම දියවැඩියා රෝගී තත්වයන්ද ,ඔබ දරුවකු පිළිබඳ සැලසුම් සකස් කිරීමේදි සැලකිය යුතු තවත් කරුණක්. ඔබ දරුවකු සඳහා උත්සාහ කරනවා නම් මාස හයකට කලින් වත් ඔබගේ සෞක්‍ය තත්වය Doctor කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගන්නවානම් වඩා සුදුසුයි.
##ජීවන රටාව
**දුම්බීම
ගැහැණියකුට වගේම පිරිමියෙකුට දුම්බීම තුළින් විවිධ ගැටලු වලට මුහුණ පාන්න පුලුවන් .
ඩිම්බයේ වගේම ශුක්රාණුවේ තිබෙන D N Aවලට,කාන්තාවකගේ සහ පිරිමියකුගේ හෝමෝන නිෂ්පාදනයට, සරු ඩිම්බයක් ගර්භාෂයට ගමන් කිරීමේදී ගැටලු ඇතිවීම,දරුවකු ගර්භාෂයේදී වැඩීමේදී එහි පරිසරයට ඇතිවන බලපෑම ආදිය දුම් බීමේ අහිතකර බලපෑම් ලෙස දැක්විය හැක.
ඔබ දුම්පානය කරන කෙනෙක් නම් සහ ඔබ දරුවෙකු පිළිබඳව බලාපොරොත්තුවක් ඇත්නම් මාස තුනකට කලින් ඉවත් දුම් බීම නතර කිරීම සුදුසුයි.
**කැෆේන්
කෝපි වල වගේම විවිධ වර්ගයෙන් යුතු තේවල කැෆේන් අඩංගු යි.ඒ වාගේම Energy drinks සහ සමහර බීම වර්ග වලත් කැෆේන් අඩංගු යි .වෛද්ය විද්යානුකූලව කැෆේන්,ගැබ් ගැනීම සම්බන්ධයෙන් බලපෑමක් ඇති කරනවා ද නැද්ද යන්න සොයා ගෙන නැති උනත් ඔබ එය ලබාගත යුතු සාමාන්ය ප්රමාණයට වඩා 85 mg ලබාගන්නේ නැත්නම් එය ඔබගේ සෞඛ්යයට සුදුසුයි.
**alcohol
alcohol භාවිතය අවම කිරීම පිරිමියෙකු වගේම ගැහැනියකුගේ සරු භාවය වැඩි කිරීමට හේතු වනවා
**බෙහෙත් වර්ග
සමහර බෙහෙත් වර්ග දරුවකු කුස තුළ සිටින කාලයේදී ලබා ගැනීම ආරක්ෂා වුවත් තවත් සමහර බෙහෙත් වර්ග ඔබටත් ඔබේ දරුවාටත් හානිදායක විය හැකියි. එම නිසා ඔබ දරුවකු පිළිබඳ බලාපොරොත්තුවක් හෝ ඒ පිළිබඳව සැලසුමක් ඇති කාලය තුළදී ලබා ගන්නා බෙහෙත් වර්ග පිළිබඳව අනිවාර්යෙන්ම වෛද්යවරයෙකුගේ නිර්දේශය ලබාගන්න.
***පෝෂ්යදායී ආහාර වර්ග සහ විටමින් වර්ග
ඔබට නිරෝගී දරුවෙකු අවශ්ය නම් ඔබත් ඔබගේ සැමියා මුලින්ම කළ යුත්තේ නිරෝගී ජීවන රටාවකට සහ ආහාර රටාවකට පුරුදු වීමයි. සෞඛ්ය සම්පන්න ආහාර ගැනීම මෙන්ම ව්යායාම ඔබගේත් ඔබේ සැමියා ගේත් සරු බව වැඩි කිරීමට හේතු වනවා. විටමින් වර්ග ශරීරය පවත්වා ගැනීමට අත්යවශ්යයි. මේවා අපේ ගන්නා ආහාර තුළ තිබෙනවා වගේම පිටින් ඖෂධ ලෙසත් අපට ලබාගන්න පුළුවන්. මේ පිළිබඳව ඔබ ඔබගේ පවුලේ වෛද්යවරයාගෙන් උපදෙස් ලබාගන්න. ඒවාගේම එළවළු සහ පලතුරු තෝරා ගන්නා විට හැකි පමණින් රසායනික දව්ය වලින් තොර ආහාර වර්ග භාවිතා කිරීමට උත්සහ කරන්න.
***රසායනික ද්රව්ය
ඔබ දරුවෙක් හෝ සඳහා සැලසුම් කරනවානම් හෝ දරුවෙකු බිහි කිරීමට සිටිනවා නම් පුළුවන් තරමින් රසායනික ද්රව්ය භාවිත කිරීමෙන් වලකින්න.ඔබ යම් රසායනික ද්රව්යයක් භාවිතා කරනවානම් හෝ භාවිතා කිරීමට බලාපොරොත්තු වනවා නම් එහි ලේබලය කියවා එය ඔබට කෙතරම් දුරට සුදුසු දැයි සොයා බලන්න
©️2019 Disni Padmakumara .All Rights Reserved
Disni Padmakumara-Diploma Qualified Educator (YMCA Chilcare-Australia)
No comments:
Post a Comment