Wednesday, August 28, 2019

ගර්භණීය සමයේ ඔබ සහ ඔහු

උපදේශන සේවාව පිළිබඳ වැඩිදුර අධ්යාපනය ලබා ගැනීමට බලාපොරොත්තු වන මට , ලංකාවේ සමාජීය ගැටළු පිළිබඳව අධ්යනය කිරීමෙදී ,90% ලිංගික අධ්යාපනය පිළිබඳව ඇති දැනුම අඩු නිසා පැන නැඟුණු ගැටලූ බව පෙනී ගියා.මෙය අපේ රටේ සංස්කෘතිය තුළ බොහෝ සැඟවී කතාකරන මාතෘකාව නිසා බොහෝ කාන්තාවන් මෙම කරුණු සම්බන්ධව මානසික පීඩනයකට ලක්ව ඇතිබව පෙනෙන්නට තිබුනා.
ගර්භනි සමයෙ ලිංගික සම්බන්ධතාවයන් පිළිබඳ ව බොහෝ කාන්තාවන් මට ගැටලු යොමුකර තිබුනු නිසා මාතෘකාවට අදාලව අන්තර්ජාලයේ බොහෝ ලිපි අධ්යනය කිරීමෙන් පසු මෙම ලිපිය ලිවීමට මා අදහස් කළා.මෙහි ඇති කාරණා සම්බන්ධයෙන් ඔබට යම් උපදෙස් අවශ්ය නම් ඔබ ,ඔබගේ පවුලේ වෛද්යවරයා,පවුල් සෞඛ්ය සේවිකාව හො ප්රසව හා නාරි වේද වෛද්යවරයා ගෙන් උපදෙස් ලබාගත යුතු අතර මේ පිළිබඳව ඔබට ඇතිවන ගැටලු සම්බන්ධව වෛද්ය විද්යාවට අනුකූලව පිළිතුරු සැපයීමට මාහට සුදුසුකමක් නොමැති බව කාරුණිකව දන්වා සිටින අතර මෙම ලිපිය හුදෙක් ඔබගේ දැනුම සඳහා පමණක් වන බව කාරුණිකව සලකන්න.

බොහෝ මව්වරු ගර්භණී සමයේ තම සහකරු සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන්නට බියක් දක්වනවා.එයට ප්රධාන හේතුවක් ලෙස ඔවුන් දක්වන්නේ එම සබඳතා නිසා කුස තුල සිටින දරුවාට හානියක් වේවි යන්නයි.නමුත් එවැන්නක් තුළින් දරුවාට කිසිදු හානියක් සිදුනොවේ.මන්දයත් දරුවා නැතිනම් කලලය ගර්භාෂය තුළ තිබෙන නිසා මෙන්ම ශ්ලෙෂ්මල සවිවර මගින් දරුවා ආසාදන වලින් රක්ෂා කිරීම නිසායි.මෙහිදී ඔබට ආරක්ෂාකාරී ලිංගික ඉරියව් පිළිබඳ දැනුම ඔබගේ වෛද්යවරයාගෙන් ලබාගත හැක
පළමු මාස තුන
පළමු මාස 3 තුළ බොහෝ කාන්තාවන්ට ලිංගික සබඳතා පිළිබඳව ඇති කැමැත්ත අඩු විය හැක. හෝමෝන වල වෙනස් වීම, ලේ ගමනාගමනය වෙනස්වීම,කෑම රුචිය වෙනස්වීම, පියයුරු වල සංවේදීතාවය ආදිය නිසා සමහර කාන්තාවන්ගේ ලිංගික අවශ්යතාවය අඩු වන අතර සමහර කාන්තාවන්ට මෙය ධනාත්මක ලෙස තමන්ගේ ලිංගික සබඳතා සඳහා බලපාන්න පුළුවන්. මෙම ලිංගික සබදතාව නිසා ඔබේ කුස තුල සිටින දරුවාට කිසිදු ආකාරයක බලපෑමක් සිදු නොවේ.ඔබගෙ ගර්භාෂයේ ඇති ශක්තිමත් මාංශ පේශීන් නිසා ගබ්සා වීමට ඇති බලපෑම මග ඇරෙයි. ඒවාගේම සංසර්ග කාර්යයේදී පුරුෂ ලිඟුව යෝනි මාර්ගයෙන් ඔබ්බට නොයන බැවින්,කුස තුළ සිටින දරුවාට කිසිදු හානියක් සිදුනොවේ.මෙහිදී ඔබගේ සහකරු,ඔබට අපහසු ආකාරයට ශරීරය මත නොවැටී සිටීමට වගබලා ගත යුතුයි. ගැබිනි කාන්තාවක් උපරිම ලිංගික තෘප්තියක් ලැබෙන අවස්ථාවේදී, ගර්භාෂය යම් සංකෝචනයට ලක් වන නමුත් එය මවට හෝ දරුවාට කිසිදු හානියක් සිදුනොවේ. මෙහිදී ප්රසව වේදනාවක් එනවා යැයි ඇති මතය මිත්යාවකි.


මාස 4 සිට මාස 6 දක්වා කාලය
මෙම කාලය, ගර්භනී කාන්තාවකගේ මධුසමය කාලයයි.පළමු මාස 3 තුළ ඇති වුණු අපහසුතා මේ කාලය තුලදී බොහෝ කාන්තාවන්ට නැති වෙනවා. මේ කාලයේ දී ඔබ හා ඔබගේ ශරීරය පළමු මාස තුනට වඩා බොහෝ ප්රාණවත් හා ශක්තිමත් වෙනවා. ඒවගේම ඔබගේ ලිංගික ජීවිතේ වෙනස් වීම ඔබටම හඳුනා ගන්න පුළුවන්.

**HCG හෝමෝන ප්රමාණය ක්රම ක්රමයෙන් අඩුවෙලා ප්රොජෙස්ටෙරොන් සහ ,ඊස්ට්රජන් හෝමෝන ශරීරය තුල සමබර වීම නිසා,වමන ගතිය සහ කලන්ත ගතිය ආදී ශරීරයට දැනුනු අපහසුතා අඩු වෙනවා.මේ නිසා ඔබගේ ලිංගික අවශ්යතාවන් වැඩිවෙයි.
**කාන්තාවන්ගේ භගමනිය(Clitoris) මේ කාලය තුළදී අධි සංවෙදීතාවයට පත්වීම නිසා ඔබගේ ලිංගික තෘප්තිය ,ස්නේහය, ආදරය වැඩිවෙනවා.

මාස 7 සිට මාස 9 දක්වා කාලය
ඔබ ඉතාමත් නිරෝගී ගර්භනී මවක් නම් නැතිනම් පළමු මාස 6 තුල ඔබ කිසිදු අපහසුතාවයක් , රෝගී තත්ත්වයකට පත්ව නැත්තං ඔබට මෙම කාලය තුළදී ලිංගික සම්බන්ධතාවන්ට තම සහකරු සමඟ සමඟ එකතු විය හැකී. ඔබට ඔබගේ වෛද්යවරයාගෙන් ඔබට සුදුසුම අපහසුතාවයකින් තොර ලිංගික ඉරියව් පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. නමුත් ගුද මාර්ගය ආශ්රයෙන් කරනු ලබන ලිංගික ක්රියාවන් මේ කාලය තුළ දී අනුමත කරන්න බැහැ.මෙ කාලය තුළ ඔබගේ කුස ඉදිරියට නෙරා ඒම, කකුල් ඉදිමීම, නහර ඉදිමීම ,පියයුරු වලින් ශ්රාවයක් ගැලීම ,අධික වෙහෙස,යෝනි මාර්ගයේ ඉදිමීම නිසා, ලිංගික කාර්යය කෙරෙහි අපහසුතා ඇතිවීමට පුළුවන්.
මුඛය උපයෝගී කරගෙ ලිංගික ක්රියාවලියේ යෙදෙනවා නම්,ගර්භණී කාලය තුල මෙය ඉතාමත් ආරක්ෂාකාරී ලිංගික තෘප්තියක් ලැබිය හැකි ක්රමයක් ලෙස දැක්විය හැක.

ඔබ වහාම වෛද්යද්ය උපදෙස් පැතිය යුතු අවස්ථා
1කිහිප වතාවක් ගබ්සා වී ඇත්නම් 
2ඔබට දැඩි වමනය කලන්ත ගතියක් පවතී නම් 
3දරුවන් දෙදෙනෙකුට වඩා ඔබ බිහිකිරීමට බලාපොරොත්තුව සිටිනවා නම්
4 ඔබගේ වැදෑමහ පහලට පිහිටා ඇත්නම් (Low lying placenta)
5 ගැබ්ගෙල අසාමාන්යතා ඇත්නම
6 ඔබගේ වැදෑමහ ගැබ්ගෙල වසාගෙන ඇත්නම් (Placenta Previa)
7ඔබගේ සහකරුට ලිංගික රෝගී තත්වයන් ඇත්නම් 
8ගර්භනී කාලය තුල ඔබට අධික රුධිරය වහනය වනවා නම් (බොහෝවිට වැදෑමහ පහලට පිහිටන නිසා sex තුලින් අමතර රුධිරය වහනය වීමක් සිදුවිය හැක )
9ඔබට amonitoc ද්රවණය පිටවනවා නම්. (වෝටර් බෑග් එක ඩැමේජ් වෙලා තිබෙනවා නම් මෙමගින් ආසාදිත රෝග කාරකයන් වෝටර් බෑග් එක ඇතුලට ඇතුළු වෙන්න පුළුවන්)
10ඔබට ගැබ්ගෙල සම්බන්ධව ගැටළු ඇත්නම් (Incompetent Cervix) ලිංගික කාර්යයෙදි , එය පළල් වීම තුලින් ගබ්සාවීම් හෝ නොමේරූ දරු උපත් සිදුවිය හැක.
11 ලිංගික ක්රියාවන් පසු ලේ ගැලීමක් හෝ දුර්ගන්ධ discharge එකක් සිදු වූවා නම් එය ගර්භාෂයෙ ආසාදන තත්වයක් විය හැක 
12 ඔබට ලිංගික කාරියේදි වේදනාවක් ඇතිවෙනවා නම්
13ලිංගික කාර්යයෙන් පසු ගර්භාෂය කොරවීම වැනි වේදනාවක් දැනුනොත්

බොහෝ කාන්තාවන්ට ගර්භනී කාලය තුලදී ලිංග කාර්යයට ඇති අකමැත්ත කැමැත්ත අඩු වන බැවින් ඒ පිළිබඳව ඔබ සහකරු සමග සාකච්ඡා කිරීම වැදගත් වේ.
ගර්භණී සමයේ ආරක්ෂාකාරී ලිංගික ඉරියව්
පහත සඳහන් ලිංගික ඉරියව් මෙන්ම වෙනත් ආරක්ෂාකාරී ලිංගික ඉරියව්ව පිළිබඳව ඔබ ඔබගේ වෛද්යවරයාගෙන් උපදෙස් පැතිය යුතුයි.
1Spooning
2You on top
3Doggy style

©️2019 Disni Padmakumara .All Rights Reserved
Disni Padmakumara-Diploma Qualified Educator (YMCA Chilcare-Australia)

No comments:

Post a Comment