නවක යුවළක් විවාහ වුණාට පස්සේ තමන්ගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව වෙන්නේ ආදරණීය දෙමාපියන් බවට පත්වෙන්න. නමුත් බොහෝ මව්වරු මෙන්ම පියවරු පසු ප්රසව විෂාද(Postpartum Depression) තත්වයට පත් වෙන්න පුළුවන්.
තමන්ගේ ජීවිතයට අලුතෙන් එකතු වුනු අමුත්තා නිසා ඇති වූ වෙනස්කම් එකපාරටම තමන්ගෙ ජීවිතයට දරාගන්න බැරි වුනාම ගොඩක් දෙමාපියන්ට මේ තත්ත්වය ඇති වෙනවා. ඒවාගේම මවකගේ ශරීරය ඇතුළත සිදුවන හෝමෝන වෙනස් වීම ද මෙයට බලපානවා. තවද බොහෝ නවක මව්වරුන්ට ප්රමාණවත් සහයෝගයක් නොලැබෙන නිසා මේ තත්වයට පත් වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයකදී මවට වගේම පියාටත් උපදේශන සේවාව අත්යවශ්යයි.
මොකද්ද මේ baby blue කියලා කියන්නෙ
දරුවා ඉපදිලා දවස් හතරක් පහක් ඇතුළු තුල මවකට මෙම තත්වයට පත් වෙන්න පුළුවන්. බොහෝවිට දරුවා බිහිවන අවස්ථාවේදී මව පත්වුණු මානසික තත්ත්වය මෙයට බලපාන්න පුළුවන්. මෙම තත්ත්වය දරුවා ඉපදී සතියක් හෝ දෙකක් ඇතුලත මවගේන් නැතිවී යනවා.
**හේතුවක් නොමැතිව ඇඬීම
**නිතරම දුකින් සිටීම
**තෙහෙට්ටුව සාංකාව ආදී ලක්ෂණ මෙම තත්ත්වයේදී මවකගෙන් දැකිය හැකි.
Postpartum Depression( පසු ප්රසව විශාදය)
ඉහත සඳහන් කළ baby blue තත්ත්වයට වඩා මෙම තත්වය භයානකයි .baby blue තත්ත්වය සති දෙකකින් මව ගෙන් ඉවත් නොවුනහොත් බොහෝ විට එය පසු ප්රසව විශාදය තත්ත්වයට යා හැක.
බොහෝ විට මව නිතරම
**ආවේගශීලී වීම ,ව්යාකූලව සිටීම
**සිත එකඟ කරගෙන කිසිදු කටයුත්තක් කිරීමට නොහැකි බව
**නිතරම තමා වැරදිකරුවෙකු යැයි සිතීම
**දරුවාට අනතුරක් කළ යුතු යැයි සිතීම
**තම ජීවිතය නැති කර ගත යුතු යැයි සිතීම.
**තම දරුවාට තමා හොඳ මවක් නොවේ යැයි සිතීම.
**දරුවාගේ සෞඛ්යය තත්ත්වය ,දරුවාගේ යහපත පිණිස තමා වැඩකටයුතු කරනවා අඩු යැයි සිතීම
**ආහාර ගැනීමට නොහැකි වීම ,නිදා ගැනීමට නොහැකි වීම
**නිතරම බලාපොරොත්තු විරහිතව සිටීම
**තමා කිසිදු වටිනාකමක් නැති පුද්ගලයෙක් යැයි සිතීම ආදි ලක්ෂණ පසු ප්රසව විෂාද යෙදී දැකීමට පුළුවන්.
බොහෝ විට මෙයට හේතු කීපයක් දැක්විය හැක
1)මවක් ගර්භිණී අවස්ථාවේදී ශරීරයේ තිබෙන හෝමෝන ඉතා ඉහල අගයක් ගන්නවා. නමුත් දරුවා බිහිවූ පසු එය පහත වැටෙන නිසා ඇතිවන රසායනික ක්රියාවලිය මවකට depression තත්ත්වයක් ඇතිවීමට බලපාන්න පුළුවන්.
2)තවද නවක මවකට තමන්ගේ පළමු දරුවා ලැබීමෙන් පසු ඇතිවන වෙනසට එකපාරටම මුහුණ දෙන්න නොහැකි වෙනවා .ඒවගේම නිතරම දරුවාට අවධානය යොමු කිරීමත් අනෙකුත් සම්බන්ධතා වලට ලැබෙන අවධානය අඩු වීමත් නිසා මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස බොහෝ නිදහසේ විනෝදයෙන් හිටපු තරුණියක් තම දරුවා ලැබීමෙන් පසු එම නිදහස විනෝදය සීමා වීම නිසා එක්තරා අන්දමකට පීඩාවකට පත්විය හැකි.
3)තවද නින්ද සීමාසහිත වන නිසාද මෙම තත්ත්වයට පත්විය හැකියි.
4)ඒ වගේම අලුත ඉපදුන දරුවා සාමාන්ය තත්ත්වයේ නොමැති නම් එය නවක මවකට ඉතා දැඩි ලෙස විශාදය ඇතිවීමට බලපාන්න පුළුවන් .මෙහිදී ඇයට අනිවාර්යෙන්ම අන් අයගේ උදව් අවශ්යයි.
5)මීට පෙර මව විෂාද තත්ත්වයට පත්වී ඇත්නම් එය නැවත විෂාද තත්ත්වයකට පත්විය හැක.
ඔබට මෙවැනි ලක්ෂණ ඇත්නම් වහාම ඔබගේ පවුලේ වෛද්යවරයා නැතහොත් පවුල් සෞඛ්ය සේවිකාව නැතිනම් උපදේශ වරයකු සමග සාකච්ඡා කළ යුතුයි.
ඔබ ඔබව බලා ගන්නේ කෙසේද
1)ඔබට විශ්වාසවන්ත පුද්ගලයෙකු සමඟ හෝ තමන්ගේ සැමියා සමඟ තමන්ගේ හැඟීම් පවසන්න.
2)හොද සමබර ආහාර වේලක් ලබා ගන්න බොහෝවිට තමන්ගේ දරුවා සමග කාලය ගත කරන නිසා තමන්ට නිවැරදි ආහාර වේලක් ලබා ගන්න බැරි වෙන්න පුළුවන් මෙයද ඔබව එක්තරා අන්දමක පීඩාවක් ලක්විය හැක.
3)පුලුවන් හැම විටම කම ඔබ සැමියා සමඟ හෝ මිතුරන් සමග එළියට යන්න ඔවුන් සමඟ ටික කාලයක් ගත කරන්න. මෙලෙස ඔබට ලැබෙන කෙටි විවේකය ඔබට ලොකු වෙනසක් ඇති කරන්න හේතු වෙන්න පුළුවන්.
4)නිතරම අන් අයගේ උදව් ඉල්ලන්න ඔබට වැඩිමල් දරුවෝ සිටී නම් ඔවුන්ගෙනුත් උදව් ඉල්ලන්න ඔවුන්ව මේ අලුත් වෙනසට පුරුදු කරන්න.
5)කිසිම පුද්ගලයෙකුට මේ ලෝකෙ සර්ව සම්පූර්ණ වෙන්න බෑ එය ඔබටත් අදාලයි .දරුවා සමග වෙනස්වන ජීවිතයට ටිකෙන් ටික පුරුදු වෙන්න.
පියවරුන්ට විෂාදය තත්ත්වයට පත් වන්නේ කෙසේද
ප්රථම වතාවට පියෙකු වීමේදී ඇතිවෙන වගකීම් ,බිරිඳගේ ඇතිවන හැඟීම් වල වෙනස්වීම් තේරුම් ගැනීමට නොහැකි වීම, වයසින් වැඩි වීම්,
සමාජ සම්බන්ධතා සීමා වීම සහ සහයෝගය සීමාසහිත වීම,බිරිඳ සමඟ තිබෙන්නේ සම්බන්ධතාවේ දුර්වලකම්,නොදැනුවත්කම
ආදී කාරණා නිසා නවක පියවරු විශාල තත්වයට පත් වෙන්න පුළුවන්
**බොහෝ මව්වරු තමන් මවක් වනවායැයි දැනගත් පසු දරුවාගේ සෞඛ්යය සහ ඔබගේ සෞඛ්ය ගැන කරුණු කාරණා සොයන්න උත්සහ ගන්නවා .මෙහිදී පසු ප්රසව විශාදය වැනි කරුණු පිළිබඳවත් ඔබ දැනුවත් වන්න .
ඒවාගේම ඔබට උදව් අවැසි හැම අවස්ථාවකදීම උපදේශන ලබාගන්න
**වැඩිහිටියන් නෑදෑයින් මේ නවක දෙමාපියන්ගේ හැඟීම් තේරුම් ගන්න උත්සාහ කරන්න ඔවුන්ට සහයෝගය ලබාදෙන්න හැකි සෑම විටකම ඔවුනට උදව් කරන්න.
©️2019 Disni Padmakumara .All Rights Reserved
Disni Padmakumara-Diploma Qualified Educator (YMCA Chilcare-Australia)
No comments:
Post a Comment