ප්රථම දරු ප්රසූතිය කියන්නේ නව යුවළකට ලොකු කඩඉමක් .දෙමාපියන් වීමේ සතුට වගේම එයින් එකතුවන වගකීම්වලට නව දෙමව්පියන්ට මුහුණදෙන්න සිද්ධ වෙනවා. මා පිටරට ජීවත් වන නිසා සතුට ,වගකීම වලට අමතරව නිතරම කතා වන මාතෘකාවක් තමයි ,දරු ප්රසූතියෙන් පසු ඇතිවන අඹුසැමි සබඳතා ප්රශ්න.ලංකාවේ සංස්කෘතියත් සමඟ මේ දේවල් ප්රසිද්ධියේ කතා නොවුනත් ,මා ලංකාවේ සිටින කාලයේදී මේ සම්බන්ධව බොහෝ ප්රශ්න අසන්නට ලැබුණා .ඒ නිසයි මෙම ලිපිය ඔබට ලියන්න හිතුනෙ.
වෙහෙස, කාලය අඩු කම ,හෝමෝන වෙනස්වීම, නැවත ගැබ් ගැනීමට ඇති බිය ආදී දේ නිසා කාන්තාවන්ට ලිංගික අවශ්යතාවයන් අඩු හෝ වැඩි වශයෙන් දැනෙන්න පුළුවන්.සමහර අඹුසැමියන් බොහෝ විට තම ලිංගික අවශ්යතාවයන් පිළිබඳව ඔවුනොවුන් ,විවෘතව කතා කරනවා .එවැනි අයට බොහෝවිට මෙම සම්බන්ධව ඇතිවන ගැටලු සීමාසහිතයි .නමුත් අප රටේ සිටින බොහෝ කාන්තාවන් මෙන්ම පිරිමි මෙම ක්රියාව පිළිබඳව විවෘතව කතා කරන්න කැමති නැහැ .ඔවුන් සිතන්නේ තම කැමැත්ත හෝ අකමැත්ත ප්රකාශ කිරීම නුසුදුසු හෝ අනවශ්ය බවයි .මට ඇසුණු කතා වල බොහෝ කාන්තාවන් පැවසුවේ මේ පිළිබඳ තම සැමියා සමග කතා කළහොත් තම සැමියා තමන් ගැන වැරදි වැටහීමක් ඇති කර ගනී යන්නයි.මෙහිදී ඔවුන් බොහෝවිට දරු ප්රසුතියෙන් පසු ලිංගික හා බැඳියාවන් සම්බන්ධව බොහෝ දුෂ්කරතා සහ පීඩාවන්ට පත් වේ .මෙහිදී ඔබ වෛද්ය උපදෙස් හෝ උපදේශන සේවාව අනිවාර්යයෙන් ලබා ගත යුතුයි.
ඔක්සිටොසින් (Oxytocin)හෝමෝනය නැතිනං ආදර හෝමෝනය
මෙම හෝමෝනය කාන්තාවන්ට ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන හෝමෝනයක් .දරුවකු පිලිසිද ගැනීමට පෙර සිට ම අවශ්ය ආදරය, විශ්වාසය ,සම්බන්ධතා ගොඩනැඟීම ,සංවේගය මෙන්ම ලිංගික කාර්යයට වගේම දරුවෙකු බිහි කිරීමේදී ඇතිවන ශරීර සූදානම සහ දරුවාට කිරි දීම ආදී සියලුම කාර්යයන් සිදු වීමට මෙම හෝමෝනය අත්යවශ්යයි.දරුවකු පිළිසිඳ ගැනීමෙන් පසු මෙම හෝමෝනය ක්රියාකාරිත්වය වැඩි නිසා බොහෝ කාන්තාවන්ට තම ලිංගික අවශ්යතාවයන් සපුරා ගැනීමේ අවශ්යතාව වැඩි වෙන්න පුළුවන් .නමුත් මේ පිළිබඳව විවෘතව කථා කිරීමට ඔවුන් මැලිකමක් දක්වනවා.
දරු ප්රසූතියෙන් පසු සුදුසුම කාලය
දරු ප්රසූතියෙන් පසු ඔබගේ ශරීරය සුවපත් වූ විට හෝ වෛද්ය උපදෙස් අනුව ඔබට මේ සඳහා සූදානම් විය හැක .එයට නිශ්චිත කාලයක් නොමැත .සමහර කාන්තාවන් දරුවා ලැබුණු පසු මාස 1ත් 3ත් අතර කාලයේදී හෝ තවත් සමහර අයට ඊට වඩා කාලයක් තම අඹු සැමි සම්බන්ධතාවයන් සඳහා ලබා ගනියි. මෙය ඉතා සාමාන්ය තත්ත්වයකි .
**පළමුවරට ඔබ මේ කාර්යය කිරීමේදී වේදනාවක් හෝ අපහසුතාවක් දැනුනොත් ඔබට ඒ සඳහා lubricant or oestrogen cream භාවිතා කළ හැක .කාලයත් සමඟ ඔබගේ ශරීරය මේ කාර්යය සඳහා හැඩගැසුණු ඇත.
**තවත් සමහර කාන්තාවන්ට මෙම ලිංගික කාරියේදි අඩු තෘප්තියක් ලැබේ .මෙයට හේතුව දරුවා බිහිවන අවස්ථාවේදී මාංශ පේශීන් ඇදීමට ලක් වන බැවින් එම මාංශ පේශීන් බුරුල් වී ඇති ඇති නිසයි.නමුත් මෙය pelvic floor exercise මගින් යථා තත්ත්වයට පත්කළ හැක.
**ඔබ කිරි දෙන මවක් නම් ලිංගික ක්රියාවලියේ දී කිරි වැගිරීමත් හෝ යෝනි මාර්ගයේ වියළි ගතියක් ඇතිවිය හැක .මෙහිදි ඔබට ලිංගික ක්රියාවලියට පෙර දරුවාට මවුකිරි දීම හෝ කිරි ඉවත් කිරීමක් කළ හැක .ඒ වාගේම යෝනි මාර්ගයේ වියළි බව නැති වීමට ඔබට Lubricant cream භාවිතා කළ හැක.
**මා සමඟ කතා කළ බොහෝ කාන්තාවන් පැවසුවේ දරු ප්රසූතියෙන් පසු ඔවුන් තවත් දරු පිළිසිඳ ගැනීමකට ඇති බිය නිසා ,ලිංගික ක්රියාකාරකම් වලට බිය බවයි .මේ පිළිබඳව ඔබට ඔබගේ පවුල් සෞඛ්ය හෙදිය හෝ පවුලේ වෛද්යවරයා සමග කතා කොට උපදෙස් ලබාගත හැක.
ඔබගේ හැඟීම් සහ සහකරුගේ හැඟීම්
දරු ප්රසූතියෙන් පසු ඔබට ලිංග ක්රියාවලිය පිළිබඳ උනන්දුව අඩුවීම පිළිබඳ කනස්සල්ල හෝ ව්යාකුල තත්වයකට පත් විය හැක .ඒ වගේම ඔබගේ සහකරු ඔබව ප්රතික්ෂේප කරනවා හෝ ඔබව අවශ්ය නෑ යැයි ඔබට සිතෙන්නට පුලුවන් .මෙය බොහොමයක් නව දෙමව්පියන්ට ඇති සාමාන්ය ප්රශ්නයක් .
••ඔබේ සහකරු සමග ඔබගේ හැඟීම් ඔහුගේ හැඟීම් පිළිබඳව කතාකරන්න .ඔබලාගේ ජීවිතවලට වෙලා තිබෙන වෙනස්කම් ,නැවත බැඳීම් ඇති කර ගන්නේ කෙසේද ,යන්න විවෘතව කතා කරගන්න. එපමණක් නොව ඔහුගේ හැඟීම් පිළිබඳව කතා කරන විට අසා සිටින්න.
••පිටරට වගේ නෙමෙයි ලංකාවෙ ඉන්න අම්මලාට දරුවෙකු ඉපදුනාම බොහෝ අයගේ උදව් උපකාර ලැබෙනවා .නමුත් මා සමග කතා කළ බොහෝ අය පැවසුවේ මේ නිසා තමන්ගේ සැමියා ,පියකුගේ සහ සැමියකුගේ වගකීම් එතරම් ගණන් නොගන්නා බවයි.මේ අත්දැකීම ඔහුට අලුතෙන් ලැබුණු දෙයක් නිසා, ඒ පිළිබඳ බියක් එහෙම නැත්නම් වගකීම මහා මෙරක් ලෙස දැනෙන්න පුළුවන් .ඒ නිසා එකපාරටම වගකීම් භාර දෙන්න යන්න එපා. ඔහු සමග එකට ගත කරන්න කාලයක් සොයාගන්න .ඔහු සමඟ කෙටි ගමනක් යන්න ,එකට කන්න ,තමන්ගේ හැඟීම් පිළිබඳ ඔහුට පවසන්න.
••සිපගැනීම ,වැළඳගැනීම අත් පටලවාගෙන සිටීම ආදී ක්රියාවන් අඹු සැමි සබඳතා නැවත අලුත් වීමට උපකාරි වෙනවා .ඒ වාගේම ලිංගික ක්රියාවලිය පීඩාවකින් තොරව කිරීමට ඔබගේ ශරීරය හැඩ ගැසෙනවා. ඔබගේ ශරීරයට මෙවැනි physical affection අවශ්යයි.
ඔබ ඔබ ගැනත් සිතන්න
නිරන්තර ව්යායාම ,හොඳ සෞඛ්ය ආහාර ,හොඳ නින්දක් ඔබට අත්යඅවශ්යයි .මෙය ඔබගේ ලිංගික ආකර්ෂණය සඳහා ඉතාමත් වැදගත්. දරුවන් සමඟ රාත්රි කාලයේ ඔබ අවදියෙන් සිටිනවා නම් දවල් කාලයේ ඔබ විවේකයෙන් සිටීමට කාලය සොයා ගන්න .
දරුවන් සමග වැඩි කාලයක් ගත කරන ඔබට ,ඔබ ගැන සිතන්න කාලයක් නැති වෙන්න පුළුවන් .අඩු තරමින් විනාඩි 15ක් වත් ඔබ ගැන සිතන්න .යාළුවන් සමග කතාකරන්න ,කෙටි දුරක් ඇවිදින්න ,ඔබගේ අත්දැකීම් අන් අය සමග බෙදා ගන්න. දරුවා නිදා ගත් පසු ඔබට මේ සඳහා කාලයක් සොයාගත හැක
උදව් කරන්නෝ
ඔබට හෝ සහකරුට උදව් අවශ්ය ඕනෑම වේලාවක ඔබගේ පවුලේ වෛද්යවරයා
පවුල් සෞඛ්ය හෙදිය
counselling
අනෙකුත් දෙමාපියන්ගේ අදහස් ලබාගත හැක.
ඔබගේ ප්රදේශයේ parents group නැතිනම් දෙමාපිය කණ්ඩායම් තිබේ නම් එවැනි අයගේ අත්දැකීම් සමග ඔබගේ අත්දැකීම් බෙදා ගත හැක.
©️2019 Disni Padmakumara .All Rights Reserved
Disni Padmakumara-Diploma Qualified Educator (YMCA Chilcare-Australia)
No comments:
Post a Comment