Wednesday, August 28, 2019

ඔබේ සැමියාට ඔබ සමග ලිංගිකව එකතු වන්න ඕනේ නැද්ද ?

ඔබේ සැමියාට ඔබ සමග ලිංගිකව එකතු වන්න ඕනේ නැද්ද ?? ඔහුට ඒ පිලිබදව උනන්දුව අඩු වෙලාද??
Loss of libido in men/why men lose interest in sex

"එයා වැඩ ඇරිලා ආපු ගමන් ටීවී එක දාගන්නවා.මාස කීපයක්ම මං මේක බලන් හිටියා. එයා ගාව වාඩි වුණ ගමන් කියන්නේ අද නම් බැහැ මහන්සි කියල.නිදාගන්න ඇදට ගියත් වෙනදා වගේ තුරුල් කර ගන්නේ නෑ.මං ගැන තමයි කිසිම උනන්දුවක් නැත්තේ.එයාගේ වැඩ වලට නම් මහන්සියක් නැහැ.වෙලාව ඕනේ තරම් තියෙනවා.එකට හිටියත් එයාට කිසිම සතුටක් නෑ .එයාට මාව එපා වෙලාද ?එයාට වෙන affair එකක් තියනවද?? මං කැතද??"
ඉහත සඳහන් කළේ පසුගිය සති කීපය තුළදීම මට කතා කළ කාන්තාවන් ගෙන් බොහෝ දෙනෙක්ගේ කතාවයි.අපේ සමාජය තුළ බොහෝ විට කාන්තාවන් ලිංගික කාර්ය ට ඇති කැමැත්ත අඩුවීම සහ ඒ තුලින් පීඩනයට පත්වන සැමියන් සහ පවුල් ගැටලු කතා කළත් ,පිරිමින්ගේ ලිංගික කැමැත්ත අඩුවීම නිසා මානසික පීඩනයට පත්වන කාන්තාවන් පිළිබඳව කතා කරන්නේ නැති තරම් .මම ලංකාවේ ගත කළ මාස කීපය තුළ විවිධ තරාතිරමේ විවිධ සමාජ තලවල ජීවත් වන කාන්තාවන් සමග කතා කළ ගැටලුවල දී 40%වඩා වැඩි කාන්තාවන්ගේ ප්රධාන ගැටලුවක් විදියට ඉදිරිපත් වුණේ තම සැමියන් තමා සමග තිබෙන ලිංගික සම්බන්ධතාවයන්ගේ අඩුවීම හා ඒ තුළින් තමාට ඇති වුණු මානසික පීඩනයන් සම්භන්දවයි.බටහිර රටවල මෙන් නොව අප සමාජයේ ජීවත්වන සැමියන් මේ පිළිබඳව ඇති උනන්දුව අඩුවීම ඒ තුළින් මේ පිළිබඳව ලංකාවේ වාර්තා නොවීමත් නිසා මෙම ගැටලුව සමාජගත වීමට තිබෙන අවස්ථාව බොහෝ විරලයි.මෙවැනි අවස්ථාවල කාන්තාවන්ට තම සැමියා වෙනත් සබඳතාවන් ඇති යැයි සැක කිරීම නිසා විවාහ ජීවිතය අනවශ්ය ගැටළු ඇති වූ අවස්ථා මට දකින්නට ලැබුණා. ඇත්තටම තම සැමියා තමන් සමග ලිංගිකව එකතු වීමට කැමති නැත්තේ වෙන සබඳතාවක් නිසා ද ??මෙයට වෙන හේතු නැද්ද ??අද මම කතා කරන්නේ අපේ සමාජය කතා නොකරන එහෙත් කතා කලයුතු මෙම ගැටළුව ගැනයි.
විවාහ ජීවිතය තුළ ලිංගික කාර්යය සඳහා ඇතිවන කැමැත්ත /උනන්දුව අඩු වැඩිවීම කාලයෙන් කාලයට විවිධ හේතු නිසා සිදුවන්න පුළුවන්.එය බොහොම සාමාන්ය දෙයක්.නමුත් දිගු කාලයක් තමන්ගේ සහකරු ලිංගික ක්රියාව සඳහා උනන්දුවක් දක්වන්නේ නැත්නම්,එය ඔබට ඔහුට වගේම ඔබලාගේ විවාහ ජීවිතයටත් සෘණාත්මකව බලපානවා.නමුත් මෙය ඔබත් සැමියාත් අවබෝධයෙන් කටයුතු කළ හොත් පිළිතුරු සොයා ගත හැකි තත්වයක්.

•••ඔබගේ සැමියා ලිංගික කාර්යයට ඇති උනන්දුව අඩුවීම ඔබ දැනගන්නේ කෙසේද???
*ඔබගේ සැමියා ඔබව හෝ ඔබ ඔහුට කරන ස්පර්ශයන් නිදන කාමරය තුල පමණක් සීමා කරනවා නම්
*sex feeling ඇතිකලත් ඔබගේ සැමියා ඉන් ඉදිරි කාර්යයට සම්බන්ධ නොවනවා නම් 
*ඔබගේසැමියා sex ප්රතික්ෂේප කිරීම 
*ලිංගික ක්රියාවක් කරන්නන්වාලේ කිරීම
*ඔබගේ සැමියාට ඔබ ගැන මනසේ කිසිදු ලිංගික සිතුවිලි පහල නොවීම 
*මසකට එක්වරක් හෝ දෙවරක් පමණක් ඔබ සමඟ සැමියා sex කිරීම.

•••ඇයි මෙහෙම වෙන්නේ?


1 ලිඟුව ප්රාණවත් නොවීම /ලිංගික අප්රාණිකතාවය- Erectile Dysfunction (ED)
මෙය ලංකාවේ සිටින බොහෝ පිරිමින් රහසක් විදියට තබා ගන්නා හුදකලා ගැටලුවක්.නමුත් 90%පිරිමින්ට වෛද්ය උපදෙස් මත පිළිතුරු ලබාගත හැකි ගැටලුවක්.බටහිර රටවල සංඛ්යා අනුව 7% ක තරුණයින්ටත් ,12% ක් අවුරුදු 40 පිරිමින්ටත් 18% අවුරුදු 50ක් 59 පිරිමින්ටත් 25%-30% අවුරුදු 60ක පිරිමින්ටත් මේ ගැටලුව පවතිනවා. නමුත් මෙයට හේතුව වයසට යෑම පමණක් නොවේ.බොහෝ විට මේ සඳහා ව්යාඝ්රා භාවිතා කලත් වෛද්ය ප්රතිකාර වගේම උපදේශන සේවාවන් මෙම ගැටලුවට වැදගත්.අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් , දුම්බීම, මත්පැන් භාවිතය, අයහපත් සෞඛ්ය පුරුදු ඇති බොහෝ පිරිමින්ට ED තත්ත්වය බලපානවා. ඒ වාගේම යෝනිය ආශ්රිතව සිදු කෙරෙන ශල්යකර්ම ඒ ආශිත සිදුවුනු radiotherapy , කශේරුකාවට ඇතිවන ආබාධ තත්වයක් නිසා ස්නායු දුර්වල වීම හෝ විනාශ වීම මගින් ලිඟුවට ගමන් කළ රුධිරය අඩාල වීම නිසාත් මේ තත්ව ඇතිවිය හැක.

2 ටෙස්ටොස්ටෙරෝන් අඩු වීම- Low Testosterone 
පුරුශයින්ට ඉතා වැදගත් වන හෝමෝනයක් වන මෙය පුරුෂයන්ගේ ලිංගික කාර්යය සඳහා ද අත්යවශ්ය හෝමෝනයක්.බොහෝ විට අවුරුදු 30 ඉක්මවීමත් සමඟ මෙම හෝමෝනය අඩු වන අතර අවුරුදු හතළිහෙන් පසුව සෑම අවුරුද්දකම 1% ක ප්රමාණයක් මෙම හෝමෝනය නිපදවීම අඩු වනවා.මානසික ආතතිය ,අයහපත් සෞඛ්ය පිළිවෙත් නිසා ද මෙම තත්ත්වය ඇතිවනවා.බොහෝවිට තරුණයන්ටත් මෙම ගැටළුවට මුහුණ දෙන්න වෙනවා .

3 Sex කාරියේදී ඇතිවන කනස්සල්ල - Performance Anxiety 
සමහර සැමියන් ලිංගික කාරියේදී ඉක්මනින් ලිංගික තෘප්තියට පත් වීම නිසා තම බිරිඳව ලිංගික තෘප්තියට පත් කිරීමට නොහැකි වීම පිළිබඳව පීඩාවට මෙන් ම කනස්සල්ලට පත්වනවා. මෙම නිසාත් මෙම ගැටලුකාරී තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.

4 ආතතිය
රැකියාවෙි ආතතිය ද බොහෝ විට මෙම තත්ත්වය ඇතිවීමට බලපානවා.වර්තමාන සමාජයේ රැකියාවේ උසස්වීම් ,රැකියා විභාග ,රැකියාවේ proformance ආදිය දේ නිසා බොහෝ පිරිමින් දැඩි ආතතියකට ලක්වෙනවා ඒ තුළින් ලැබී ඇති මානසික වෙහෙස ද මෙම තත්ත්වයට බලපාන ප්රධාන කරුණක්

5 වෛද්ය ගැටලු 
cancer ,depression ,දියවැඩියාව ,හෘදවස්තුව ආශ්රිත ගැටලු දේ නිසා ශරීරයේ ඇතිවන රුධිර ගමනය අඩුවීම ලිංගික කාර්යයට ඇති උනන්දුව අඩු වීමට බලපානවා තවද තයිරොයිඩ් ග්රන්ථිය ආශ්රිත රෝග නිසා ද මේ තත්ත්වය ඇතිවිය හැක

6 ප්රතිකාර ක්රම 
මාසික අවපාතය වැනි තත්ත්වයකදී දෙනු ලබන බෙහෙත් වර්ග මෙන්ම අධික රුධිර පීඩනය වැනි රෝග සඳහා දෙනු ලබන ප්රතිකාර ක්රම නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් මෙහිදී ඔබේ සැමියාට මේ පිළිබඳව වෛද්ය උපදෙස් ලබාගැනීමට යොමුකරවන්න.

7 ඔබ සහ ඔබේ සැමියාගේ සම්බන්ධතාවයන් ගෙ ගුණාත්මක බව
අද සමාජයේ බොහෝ කාන්තාවන් තම පවුල් ගැටලු වල දී දක්වන ආකල්ප ,තරහ සහ නොසලකාහැරීම් නිසාද මෙම තත්ත්වය ඇතිවනවා .යම් ප්රශ්නයක් ඇති වුණ විට ඉක්මනින් එය අමතක කිරීම වෙනුවට එම ප්රශ්නය තම නිදන කාමරය දක්වාම ගෙන යන කාන්තාවන් අප අතර ඕනෑ තරම් ඉන්නවා .ඒවාගේම තම පිරිසිදුකම ,රූපය ,පමණක් නොව ලිංගික කාර්යයේදී ඇල්මැරුනු ස්වභාවයෙන් ඔබ සිටිනවා නම් මෙය ඔබගේ සැමියාගේ ලිංගික කාර්යට ඇති උනන්දුව අඩු වීමට හේතු වනවා.

8 උවමනාවට වඩා දෙනු ලබන සෙනෙහස ආදරය
මාත් සමග සාකච්ඡා කළ සමහර සැමියන් පැවසුවේ තමාගේ බිරිඳ උවමනාවටත් වඩා තමන් ගැන සොයන බවත් මෙය ආදරයක් ඇති වනවාට පුදුම වදයක් බවත්.ප්රමාණය ඉක්මවා ආදරය සෙනෙහස තම සැමියාට ලබාදීමත් ඔහුට ඔබව එපා වීමට හේතුවක් වනවා

9 වැරදි ආකල්පමය තුළ සිටීම
සමහර සැමියන් තම බිරිඳට දැඩි ලෙස ආදරය හා ගෞරවය දක්වනවා .විශේෂයෙන් දරුවකු ලැබුනු පසු බොහෝ සැමියන් ලිංගික ක්රියාවලියට මැලිකමක් දක්වනවා .එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ දරුප්රසූතියෙන් පසු තම බිරිඳට එම කාර්ය තුළින් අපහසුතාවයක් නැතිනම් තම බිරිඳට විවේකය සඳහා වූ කාලය ලිංගික ක්රියාවලියට යෙදෙව්වොත් එය බිරිඳට අහිමි වේවි යන්නයි. තවත් සමහර කාන්තාවන් මට පැවසුවේ තම පියයුරු වලට බොහෝ ඇල්මක් ඇති සැමියා දරුවා ලැබුණු පසු එය ස්පර්ශ කිරීමට හෝ ඉරීමට බිය තාවයක් දක්වන බවයි .ඒ තුළින් තම සැමියාට ඔහු බලාපොරොත්තු වන ලිංගික තෘප්තිය නොලැබෙන බවයි.

•••මෙම තත්ත්වයෙන් මිදීමට ඔබ සැමියාට සහය වන්නේ කෙසේද
>>ශරීරය චලනය වන ක්රියාවල යෙදීම උදාහරණයක් ලෙස ඇවිදීම ක්රීඩා කිරීමට ආදිය ඔබ ඔබගේ සැමියා යොදවන්න ඔහුට කුඩා අභියෝග දෙන්න එය සාර්ථක වීම තුළින් ලැබෙන ආත්ම තෘප්තිය ධනාත්මකව අගයන්න
>>ඔබ සැමියා සමග මේ පිළිබඳව විවෘතව කථා කරන්න ඔබත් ඔහුත් විවිධ ලිංගික ඉරියව් අත්හදා බලන්න .මේ පිළිබඳව පීඩනයක් ඔහුට දෙන්න එපා .ලිංගික ක්රියාවලියෙන් පසු ලැබුණු අත්දැකීම් ඔහු සමඟ ධනාත්මකව බෙදාගන්න.
>>ලිංගික සිතුවිලි මැවීම ඉතාමත් හොඳ ක්රියාවක් .ඔහුට ලිංගික සිතුවිලි මැවීමට උදව් වන්න .ලිංගික චිත්රපටි දෙදෙනාම බලන්න .ඔබත් ඔහුත් මවන ලිංගික සිතුවිලි බෙදාගන්න. මෙම ක්රමය මගින් ඔබ දෙදෙනා සිටින වර්තමාන සෘණාත්මක මානසිකත්වයෙන් මිදීමට උදවු වනවා.
>>බොහෝ පුරුෂයන් මෙන්ම කාන්තාවන් ලිංගික ක්රියාවලියේ දී එම කාර්යයට අවශ්ය වන අවයව සඳහා පමණයි අවධානය යොමු කරන්නේ .එමගින් ඔබටත් ඔහුටත් ලැබෙන්නේ ඒකාකාරී තෘප්තියක් .ඔබත් ඔහුත් මුළු ශරීරයටම අවධානය යොමුකරන්න .සිපගැනීම ,ස්පර්ශය ,වැළඳ ගැනීම ආදිය සඳහා කාලය යොමු කරන්න .තමන්ගේ කාර්යය ඉක්මනින් ඉවර කිරීමට වඩා ඒ තුලින් උපරිම සතුටක් අවංකවම ලබාගැනීමට උත්සාහ කරන්න.
>>ඔබ ඔබගේ අවශ්යතාවයන් ඔබගේ සැමියා සමඟ විවෘතව කතා කරන්න.ලිංගිකත්වය පිළිබඳව ලියා ඇති පොත් පත් දෙදෙනාම කියවන්න .ලිංගික සඟරා දෙදෙනාම බලන්න .ඔබ ඔහු සමග සිටින බවත් ඔහුගේ ඕනෑම ගැටලුවක් ඔබ සමඟ කතා කිරීමට හැකි බවත් ඔහුට අඟවන්න.
>>ඔහුට ඇත්තේ වෛද්ය උපදෙස් ලබාගැනීමට අවශ්ය තත්වයක් නම් ඔබ ඔහුව ඒ සඳහා උනන්දු කරවන්න .වෛද්ය උපදෙස් ,උපදේශන සේවාව ලබාගැනීමට ලැජ්ජ වෙන්න එපා .එය ඔබටත් ඔබගේ විවාහ ජීවිතයත් සාර්ථකව ගෙන යන්න අවශ්ය වන ඉතාමත් වැදගත් පිලියමක්.
©️2019 Disni Padmakumara .All Rights Reserved
Disni Padmakumara-Diploma Qualified Educator (YMCA Chilcare-Australia)

No comments:

Post a Comment