Wednesday, August 28, 2019

ඇයි අප දරුවන් සමග Blocks වලින් සෙල්ලම් කරන්නේ?

Block Play මගින්,දරුවන්ගේ මනෝමය වශයෙන් (conceptual understanding ) ගොඩනගා ගන්නා ලෝකය අවබෝධ කරගැනීමට හැකිවනවා මෙන්ම දරුවන්ට බොහෝ දෑ ඉගැනීමට අදාළ ගුණාත්මක පරිසරයක් නිර්මාණය කිරීමට හැකි වනවා.
කුඩා දරුවන්ට මෙම ක්‍රියාකාරකම තුළින් නිර්මාණ,ප්‍රශ්න විසඳීම ,අත්හදා බැලීම,පරීක්ෂා කිරීම ,අනුවර්තනයවීම ,සහයෝගයෙන් ක්‍රියා කිරීම ,විස්තර කිරීමේ හැකියාව පමණක් නොව දරුවන් ,ගුරුවරුන් ,වැඩිහිටියන් මෙම ක්‍රියාකාරකම සඳහා සම්පූර්ණ වශයෙන් ම සහභාගි වීම නිසා ,ඉතා ඉහළ ගුනත්වයෙන් යුතු ,අභියෝග වලින් යුතු සහ අත්වලින් ක්‍රියාකාරකම් කිරීමට ඉගෙන ගන්නා පරිසරයක් නිර්මාණය වේ.


Block Play මගින් දරුවන්ගේ අනාගත ජීවිතයට මෙන්ම අධ්‍යාපනයට අවශ්‍ය මූලික හැකියාවන් වන විචාරාත්මක සහ නිර්මාණ හැකියාව ,සාක්ෂරතාව සහ ගණිතමය හැකියාව ,විශ්ලේෂණාත්මක,සන්නිවේදනය සහ තහවුරු කිරීමේ හැකියාව වර්ධනය වේ .
**විද්යාත්මක ,ගණිතමය මූලධර්ම සහ මූලිකාංග ඉගෙන ගැනීම ( MATHEMATICAL LEARNING). උදාහරණයක්-
1-වීජ ගණිතමය හැකියාව දියුණු වීම.(Algebra) 
විවිධ ගණිතමය හැඩතල shapes ,ප්‍රමාණයන් ගණනය කිරීම ,එකිනෙකට ගැලපීම් සහ වෙන් කිරීම

2-ජාමිතික හැකියාව දියුණුවීම (Geometry)
කුමන ප්‍රමාණයේ ඍජු කෝණාශ්‍රයක් වුවද පැති හතරක් කොන් හතරක් සහිත බවද ,කුමන ප්‍රමාණයේ වුවද ත්‍රිකෝණයක පැති තුන සහ කොන් තුන ඇති බව දරුවා අවබෝධ කර ගැනීම .භෞතික හැඩයන් ඇති විවිධ හැඩතල ,උදාහරණය ඝනකය සිලින්ඩරය රවුම ප්‍රිස්මය ත්‍රිකෝණය ආදි හැඩතල අධ්‍යයනය ,විමර්ශනය හා එමගින් ආකෘති නිර්මාණය කිරීමට දරුවා කුඩා කල සිට පෙළඹේ.

3-මැනීම (Measurement)
මැනීම ,ඒකකයක් ලෙස භාවිතා කල හැකි බව දරුවා කුඩා කල සිට Block Play තුළින් ඉගෙන ගනියි . දිග කොට ,වැඩි අඩු සමාන ,බර හා සමබරතාව මැනීමේ හැකියාව .

උදාහරණයක් -නිර්මාණය එක පැත්තකට එකින් එක Blocks එකතු කිරීමේදී සිදුවන්නේ කුමක්ද යන්න දරුවා ප්‍රායෝගිකව ඉගෙන ගනී.

4-දත්ත විශ්ලේෂණය හා සම්භාවිතාව (Data Analysis & Probability )
ගුරුවරුන්ට වැඩිහිටියන්ට විනෝද ක්‍රියාකාරකමක් ලෙස දරුවන්ට තක්සේරු කිරීම් , රේකා ප්‍රස්තාර සටහන් ,දත්ත එකතු කිරීම ,අඩු කිරිම ,බෙදීම හා ඒවා ප්‍රදර්ශනය කිරීම Black play ක්‍රියාකාරකම් තුළින් ඉගැන්විය හැක.
උදාහරණයක් -දරුවන් සමඟ ආකෘතියක් නිර්මාණය කර එයට කොපමණ blocks ප්‍රමාණයක් භාවිතා කලාද යන්න අසා , එම තක්සේරු කළ blocks ප්‍රමාණය දරුවා සමග ගණනය කිරීමෙන් තහවුරු කිරීම.
Blocks මගින් නිර්මාණය කළ ත්‍රිමාණ රූප සහිත පින්තූර මගින් දරුවාට ත්‍රිමාන නිර්මාණ කිරීමට උනන්දු කිරීම සහ තමන් කළ නිර්මාණය පින්තූර සටහන සමග සැසඳීමට උදව් කිරීම.

**භාෂා හැකියාව දියුණු කිරීම ( Language Development )
Block play තුළින් දරුවන් ,එකිනෙකා සමඟ කතා කර ගණුදෙණු කිරීම ,මාරු කිරීම ,ඇහුම්කන් දීම( Negotiate, Explain,Take turns,Listen) මගින් සුදුසු වචන නිවැරදිව භාවිතා කිරීමට ඉගෙන ගනී . විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන භාෂාව නොවන දරුවන්ට වයස් සීමාවකින් තොරව ,ආයාසයකින් තොරව වචන විශාල ප්‍රමාණයක් ඉගෙන ගැනීමට අවශ්‍ය පරිසරය මෙමගින් නිර්මාණය වේ.
උදාහරණයක් ලෙස මාස 6 සිට ඉහළ දරුවන් සමග දෙමාපියන් ගුරුවරුන් වර්ණ හැඩතල ගැන කතා කරමින් දරුවන් සමග සෙල්ලම් කිරීම.

**නිර්මාණාත්මක හැකියාව ( Creative Thinking )
Block Play මගින් දරුවා ,අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාකාරි දරුවකු බවට පත් කරයි .දරුවා තමන්ට ඇති දැනුම ,අත්දැකීම් ,කැමැත්ත හා අවබෝධය අනුව උදාහරණ සහිත නිර්මාණය කිරීමට අවශ්‍ය මනස තමා විසින්ම මෙම ක්‍රියාකාරකම තුළින් නිර්මාණය කරගනී .
උදාහරණයක් ලෙස -කුඩා දරුවකු Blocks කීපයක් එකතු කර හදන නිර්මාණය කාර් එකක් ලෙස ප්‍රකාශ කිරීම .
මෙම ක්‍රියාකාරකමේ සෑම පියවරක්ම දරුවන්ට අභියෝගයක් මෙන්ම තමන් කරන ආකෘතික නිර්මාණය තාක්ෂණය අවබෝධයෙන් කිරීම හා එය වැඩිදියුණු කිරීම ඔවුන් විසින් සිදු කෙරේ.උදාහරණය-Blocks තුනක් සම්බන්ධ කර එය නිවස යැයි පවසන දරුවා පසුව Blocks ප්‍රමාණය වැඩිකර නිවසක ආකෘතියක් සැකසීම. තවද දරුවාගේ ආත්ම විශ්වාසය ,ආත්ම තෘප්තිය ,කාර්යක්ෂමතාවය මෙම අභියෝගාත්මක සෙල්ලං ක්‍රියාවලිය තුළින් දරුවාට ලබා දෙයි.

**සමාජීය ඉගෙනීම ( Social Learning ) 
Block Play මගින් දරුවන්ට සමාජය පිළිබඳ අවබෝධයෙන් සහ සහයෝගයෙන් කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙයි .කෙසේද යත් දරුවන් මෙම ක්‍රියාව අන් අය සමඟ කිරීමේදී ඇතිවන ගැටලු ,එම ගැටළු වලට පිළිතුරු නිර්මාණය ,යෝජනා ඉදිරිපත් කිරීම ,ගැටලු විසඳීම ,එමගින් තෘප්තිමත් වීම මෙන්ම තනිව හෝ පිරිසක් සමඟ ක්‍රියා කරන්නේ කෙසේ ද ,එයට සහාය වන්නේ කෙසේද ,යන්න තමා විසින්ම අවබෝධ කර ගනියි.

**විචාරාත්මක ඉගෙනීම (Inquiry Based Learning )
දරුවන් යම් දෙයක් නිර්මාණය කිරීමට හෝ අදහස් දැක්වීමට පෙර ,ඔවුන් විසින් මනසින් එය නිර්මාණය කර තමන්ට ඇති ද්‍රව්‍යයන් සමග ප්‍රතිනිර්මාණය කිරීමට මහත් ආශාවක් දක්වයි. උදාහරණයක් - දරුවන් blocks මගින් නිර්මාණය කර ඇති ත්‍රිමාණ රූපයක් ,තමන්ට එලෙසම නිර්මාණය කිරීමට අපහසු යැයි හැඟුණු විට තමාගේ මනසින් ත්‍රිමාණ රූපය ද්විමාන රූපයක බවට එය පෙරළා එය භෞතික ආකෘති ලෙස නිර්මාණය කරනා හැටි ඔබ දැක ඇති.
මෙමගින් පෙන්වන්නේ දරුවාගේ මානසික ශක්තිය සහ මනසින් නිර්මාණ ගොඩනැගීමේ හැකියාවයි.

ඔබ නිතරම දරුවන් Block Play ක්‍රියාකාරකමේ යෙදවීම තුලින් ඉහත හැකියාවන් වැඩිදියුණු කිරීමට අවස්තාව ලැබේ .
අන්තර්ජාල ලිපි ඇසුරිනි
Disni Padmakumara-Diploma Qualified Educator (YMCA Chilcare-Australia)

No comments:

Post a Comment