Wednesday, August 28, 2019

Naughty Corner සංකල්පය සුදුසුද?


බටහිර රටවල් වල මෙන්ම ලංකාවේද අද වන විට Naughty Corner සංකල්පය භාවිතා වනවා.නමුත් අද වන විට බටහිර රටවල විද්වතුන් මෙම Naughty Corner සංකල්පය දරුවන්ට නුසුදුසු බව පරීක්ෂණවලින් සොයාගෙන තිබෙනවා .විශේෂයෙන්ම අවුරුදු 3ට අඩු දරුවන් සඳහා මේ ක්රමය නුසුදුසු බවයි මනෝ වෛද්යවරු මෙන්ම දරුවන් සඳහාම වන විද්වතුන් සදහන් කරන්නේ.
මොකද්ද මේ Naughty Corner නැත්නම් time-out ,Thinking time, cooling -off time කියන්නේ????
දරුවකුගේ සාමාන්ය හැසිරීමෙන් පිට නැත්තං දඟ හෝ නරක යැයි හැඟවෙන ක්රියාවක් කළ හොත් ,තමන් කළ ඒ ක්රියාව ආවර්ජනය කර ,එම ක්රියාව වැරදි බවට තමන් විසින්ම තේරුම් ගැනීම සඳහා හුදකලා කරන ස්ථානය මෙම නම් හදුන්වයි.
මේ time-out නැතහොත් Naughty Corner සංකල්පය තුලින් දරුවන්ට හොඳ පුරුදු නැතහොත් discipline කියාදෙන ක්රමයක් නොවන බවයි විද්වතුන්ගේ අදහස .
Australian Association for Infant Mental Health වාර්තාව අනුව, දරුවාව දෙමාපියන් හෝ භාරකරු තමාගේ සම්බන්ධතාවයෙන් ඉවත්කොට දෙනු ලබන මෙම දඬුවම ඉතාමත්ම නුසුදුසු දඬුවමක් ලෙස දක්වා ඇත .

ඔවුන් මෙහිදී හේතු ලෙස දක්වන්නේ
1 මෙම ක්රමය දරුවන්ට තමන් කල වැරැද්ද පිළිබඳව තමන් විසින්ම ඉගෙනීමට තිබෙන්න ඵලදායි ක්රමයක් නොවන අතර
2 කුඩා දරුවන්ට තම හැඟීම් තමන් විසින් පාලනය කිරිමට ඇති නොහැකියාව නැතහොත් ඔවුනට තම දෙමාපියන් ගුරුවරුන් හෝ භාරකරුවන්ගේ සහාය තම හැඟීම් පාලනය කිරීමට අවශ්ය බව පෙන්වා නොදෙන සංකල්පයක් බවයි.
මනෝවෛද්ය Dr. Louise Porter තම ග්රන්ථය වන "Children are People too" දක්වන්නෙ මෙම ක්රමය තුළින් දරුවා තමන් විනාශකාරී ක්රියාවක් කළා යයි හඟවන අතර දෙමාපියන් දරුවා දරුවකු බව අමතක කරවන සංකල්පයක් බවයි.


මෙය දරුවා කළ වැරැද්ද තේරුම් ගැනීම පිළිබඳව දෙන පණිවිඩයකට වඩා ,දෙමාපියන් විසින් තම ආතතිය දරුවා පිටින් යවන ක්රමවේදයක් බවට ඇය හඳුන්වන අතර මෙය දරුවාට දඬුවමක් ,බිය වැද්දීමක් ,අවමන් කිරීමක්,තර්ජනය කිරීමක් ලෙස නොපෙන් විය යුතු බවයි ,ඇය සදහන් කරන්නේ.
ඉතා කෙටි කාලීන /cooling off period එකක් තමන්ට මෙන්ම දරුවාට ද ඔවුන්ගේ හැඟීම් සන්සුන් කිරීමට ලබාගත හැකි අතර අවුරුදු පහට අඩු දරුවන් සඳහා විනාඩියක time out period එකක් ලබාදිය හැක.
අවුරුදු 5ට වැඩි දරුවන්ට තමන් කල වැරැද්ද පිළිබඳව සිතීමටත් තම හැඟීම් පාලනය කිරීමටත් cooling off period එකක අවශ්යතාව වැඩිහිටියන් විසින් ඔවුන්ට යෝජනා කිරීම තුළින් තමන්ගේ හැසිරීම පිළිබඳව වගකීම ඔවුනට තේරුම් ගැනීමේ හැකියාව වැඩිවන බව පරීක්ෂණ තුළින් සොයාගෙන ඇත.
Canadian මනෝවෛද්ය Dr. Otto Weininger පවසන ආකාරයට ,දරුවන් කලබල කිරීම , කේන්තිය පාලනය කිරීමට නොහැකි වීම ,තරහා යෑම හෝ නොහික්මුණු විදියට හැසිරෙන්නේ තම දෙමාපියන්ගෙන් ආරක්ෂාව ,පිළිගැනීම බලාපොරොත්තුවෙන් බවත් දරුවන්ගේ කලබලකාරී අවස්ථාවන්හි දෙමාපියන් විසින් naughty corner සංකල්පය වෙනුවට, එම ක්රියාවට විරුද්ධව ධනාත්මක යෝජනාවන් ඉදිරිපත් කිරීම තුලින් තමන් කල වැරදි ක්රියාව අවබෝධ කිරීමට ඇති අවස්තාව වැඩි වන බවත් ඔහු පවසයි .
කෙසේද යත් "මට තේරෙනවා ඔයාට මොනවද ඕන කරන්නෙ කියලා" " මට පේනවා ඔයා මොනවද කරන්නේ කියලා " "මම ඔයාට උදව් කරන්න කැමතියි " "මම හැමතිස්සෙම ඔයත් එක්ක ඉන්නේ " "කෝ මට පෙන්නන්න, ඔයාට මේක කරන්න පුළුවන් කියලා " ආදී වශයෙන් ධනාත්මක යෝජනා ඉදිරිපත් කිරීම තුළින් ඔවුන්ගේ මෙම හැඟීම් පාලනය කල හැක.
දරුවන් විසින් තම යහළුවන් ,සහෝදර සහෝදරයන් සමග ඇති කරගනු ලබන ආරවුල් වලදී දඬුවම් දීමට වඩා ඔවුන් කළ එම ක්රියාවෙ වැරැද්ද ,දෙමාපියන් ඔවුන් සමගම සන්නිවේදනය කිරීම තුළින් ඔවුන් විසින්ම එම ක්රියාවේ වඩා හොද පැත්ත අවබෝධ වීමට හැකියාව ලැබේ .
තරහා පාලනය කිරීම සඳහා ඔවුන්ව naughty corner සංකල්පය යොදවා ගැනීමේදී දරුවන්ට තමන් ඉතා නරක පුද්ගලයෙකු බවට ඇතිකරනු හැඟීම ඔවුන්ගේ අනාගත දියුනුවට වැරදි ආකාරයෙන් බලපාන අතර ඔවුන්ට ,හුදෙකලාව ම තමන්ගේ වැරැද්ද තේරුම් ගැනීමට පරිසරය සකසා දීමේ දී ඔවුන් කළ ක්රියාව හරි යැයි හැඟීමක් ද ඇති විය හැක
Dr. Louise Porter පවසන්නේ දෙමාපියන් වැඩිහිටියන් හා ගුරුවරුන් ,දරුවාව තම ලගට කර කාරුණිකව දරුවා කළ ක්රියාව පැහැදිලි කිරීමත් ,දරුවාගේ තරහ තමා තේරුම් ගත් බවත් ඔහුටස් කාරුණිකව පැහැදිලි කළ යුතු අතර දරුවාව තම තුරුලට ගෙන සැනසිය යුතු බවයි.
වැඩිහිටි දරුවන්ට තම වැරැද්ද පිළිබඳව තේරුම් කිරීමට උචිත අවස්ථාවක් දෙමාපියන් විසින් තෝරාගත යුතු අතර බොහෝ වෙලාවට වෙනත් කාර්යයක් සඳහා තමා හා දරුවා යෙදෙන අවස්ථාවේදී දරුවා විසින් කළ ක්රියාව දෙමාපියන්ට දරුවා සමග කතාකිරීමට අවස්ථාවක් කරගත හැක.
අන්තර්ජාල ලිපියක් ඇසුරිනි .

©️2019 Disni Padmakumara .All Rights Reserved
Disni Padmakumara-Diploma Qualified Educator (YMCA chilcare-Australia)

No comments:

Post a Comment