පෙරපාසල වගේම නිවසේදී තම දරුවන්ට වෙනත් සංස්කෘතීන් ආගම භාෂා පිළිබඳව දැනුමක් ලබාදීම ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ගේ ඉතාමත් වැදගත් කර්තව්යයක් වනවා.
ඇත්තටම සමාජයේ ජීවත්වෙන දරුවෙක් පාසලෙන් මෙන්ම තම දෙමාපියන්ගේ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ???මූලික වශයෙන්ම දරුවෝ ඒ අයගේ ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා .ඒ වාගේම තමයි අන්යෝන්ය වශයෙන් තියෙන බැඳියාව ගරු කිරීමත් බලාපොරොත්තු වෙනවා .ඒ විතරක් නෙමෙයි ගුරුවරුන් දෙමාපියන් සහ දරුවන් අතර තිබෙන බැඳියාව වගේම තමාගේ බලාපොරොත්තු සාධාරණත්වය විවිධත්වය නැත්තන් වෙනස්වීම් වලට තිබෙන ගරු කිරීමත් ඔවුන් බලාපොරොත්තු වෙනවා .පෙර පාසල් ගුරුවරියක් විදියට හෝ දෙමාපියන් විදියට ඉහත සඳහන් කළ මූලික සිද්ධාන්ත තමන්ගෙන් ඉගෙන ගන්න දරුවාට හෝ දරුවන්ට ලබාදීමට හැකි වන්නේ ඔවුන් සමග කරන්නාවූ එදිනෙදා ක්රියාකාරකම් වගේම ,තමන්ගෙ අත්දැකීම් මත පදනම්ව දරුවන්ට ලබාදෙන අධ්යාපනය තුළිනි.
සංස්කෘතික පොදු බැඳීම යනු, වෙනස් වූ සංස්කෘතීන් පිළිබඳ ව අවබෝධ කර ගැනීමේ හැකියාව ඒ පිළිබඳව දැනුවත් වීම සන්නිවේදනය කිරීමේ හැකියාව මෙන්ම විවිධ සංස්කෘතීන් වලට අදාල පුද්ගලයින් අතර අන්යෝන්ය වශයෙන් සම්බන්ධකම් පැවැත්වීමේ හැකියාව යි.
කුඩා දරුවෙක් සංස්කෘතික බැදීම තුලින් ලෝකය දෙස බලන්නේ තමන්ට නිවසේදී හෝ පෙර පාසල දී ලැබෙන්නා වූ අධ්යාපනයත් අත්දැකීමුත් ,තමන්ගේ සිතුවිලිවලින්( Imagination )ගොඩනගන්නා ලෝකයත් සමඟ සංසන්දනය කිරීමෙන්.
ගුරුවරියක් හෝ දෙමාපියන් වශයෙන් අපිට මෙම ලෝකය සුබවාදීව ඔවුන්ට දකින්නට සලස්වන්නේ කෙසේද ?
1)තනි පුද්ගලයෙක් ලෙස එනම් ගුරුවරු ගුරුවරියක් විදියටත් නැතහොත් අම්මා /තාත්තා එහෙමත් නැත්නම් වෙනත් වැඩිහිටියෙකු ලෙස තමාගේ තිබෙන්නා වූ දැනුම පළපුරුද්ද හැකියාව සහ හැසිරීම අනෙකුත් පුද්ගලයන් සමඟ සම්බන්ධ වන්නේ කෙසේද එම සම්බන්ධකම් තමා යටතේ සිටින්නා වූ දරුවන්ට දරුවන්ගේ පවුල්වලට සහ අනෙකුත් පුද්ගලයන් අතරට සංනිවේදන කරන්නේ කෙසේද යන්න
2)තමන්ගේ පාසලේ හෝ නිවසේ ඇතිකරගන්නා වූ නීති රීති පද්ධතිය තුළින් ඇතිවන බලපෑම සමාජයට හෝ දරුවන්ට බලපාන අන්දම
ඉහත කරුනු ,දරුවන් විසින් ගොඩනගන්නා වූ ලබන සංස්කෘතික පොදු බැඳීම් නැමැති ලෝකය ගොඩ නංවන්න ඔවුන්ට ඉවහල් වනවා.
සංස්කෘතිය යන්නට තමන් ජීවත්වන සංස්කෘතිකය අදහන ආගම ජාතිය භාෂාව වටපිටාව ස්ත්රී පුරුෂ භාවය ඇවතුම් පැවතුම් තමාගේ හැකියාව වගේම තම ජීවත් වන මට්ටම ආදී නොයෙකුත් කාරණා ඇතුලත් වෙනවා .
මෙහිදී ගුරුවරියක් විදියට තමා මුලින්ම තමාගේ විශ්වාසයන් තමන්ගේ අත්දැකීම් තමන්ගේ වටිනාකම තමන් සමාජයේ විවිධ සංස්කෘතික වශයෙන් දක්වන්නාවූ දැනුම ඒ සංස්කෘතිමය වශයෙන් තමන් ලබාගත් අත්දැකීම් මත හැසිරෙන්නාවූ විදිය ආදී නොයෙක් දේවල් දරුවන්ට අත්දැකීමක් තුලින් ලබා දෙන්න සිදු වෙනවා.
උදාහරණයක් විදියට ඔස්ට්රේලියානු ජාතිකයින් තමන්ගේ ආදිවාසීන් සම්බන්ධයෙන් දෙනු ලබන දැනුම සහ ආකල්ප ,ශ්රී ලංකාවේ ජීවත්වන ආදිවාසීන් සම්බන්ධයෙන් ගුරුවරු ගුරුවරියන් තම දරුවන්ට දැනුම ලෙස ලබා දෙන්නේ නැති තරම්.නමුත් ඔවුන් ද මේ සමාජයේ අපිට අයිති කොටසක් .ඔවුන්ගේ ඇවතුම් පැවතුම් මොනවාද ඔවුන්ගේ ජීවත්වන සමාජ පරිසරය කුමක්ද ඔවුන්ගේ භාෂාව කුමක් ද ඔවුන්ගේ ආගම කුමක් ද ආදී වශයෙන් නොයෙකුත් දේවල් පිළිබඳව පමනක් නොව ඔවුන්ගේ සන්නිවේදන මාධ්ය පිළිබඳව පවා අප දරුවන්ට කොපමන දැනුමක් තිබෙද යන්න ගැටලුවක්.
පෙර පාසලට මුලින්ම පැමිණෙන දරුවෙකුට තමන්ට අයිති ලෝකය නැතිනම් තමන්ගේ නිවස පෙර පාසල තුලදී නිර්මාණය වී නොතිබීම තුලින් තමා බලාපොරොත්තු වන ආරක්ෂාකාරී හැගීම නැතිවනවා.මොකද දරුවෙකුට තමාගේ නිවස තමයි තමාගේ ආරක්ෂිතම තැන.
පෙර පාසල තුලදී මෙය නොලැබීම තුලින් දරුවා තමන්ගේ ලෝකය ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ වැරදි ආකාරයකට .එම නිසා සෑම පෙරපාසලක ම ඒ සංස්කෘතිමය වශයෙන් තිබෙන්නාවූ වටිනාකම තමන්ගේ කාමරය තුළ ඉස්මතු කරන්න /එළිදක්වන්න අවශ්ය වෙනවා.
ගුරුවරයකු මේ පරිසරය තමන්ගේ පෙර පාසල තුල සකසා ගන්නේ කෙසේද ??
මේ ඉතාමත් වැදගත් ප්රශ්ණයක්
1)තමා හැසිරෙන්නා වූ ආකාරය එසේ නැත්නම් තමන්ගේ අත්දැකීම් තුළින් තමන්ගේ දැනුම තුළින් තමන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නේ කෙසේද යන්න
2)තමා පෙර පාසලේදී කිරීමට බලාපොරොත්තුවෙන program එක
3)තමන්ගේ කාමරය තුළ දරුවන් සඳහා වූ තිබෙන සෙල්ලම් බඩු ,අධ්යාපන උපකරණ ,equipments 4)physical environment
5)අනිකුත් සමාජීය ජාල සමග තම ආයතනයට තිබෙන සම්බන්ධතාවය
6)තමන් ගේ කාමරය තුළ විවිධ භාෂා කතා කරන දරුවන් සිටි නම් ඔවුන්. පිළිගන්න තමා කුමන ආකාරයේ ක්රියාවක් අනුගමනය කරන්න යන්නත්
මෙම පරිසරය ගොඩනැගීමේ දී අනිවාර්යයෙන් ම සලකා බැලිය යුතුයි.
7)අද ශ්රී ලංකාව තුළදී දක්නට ලැබෙන අහන්න ලැබෙන ලොකුම ගැටලුව තමයි සංස්කෘතිමය සමාජයීය ආගමික වශයෙන් එකිනෙකාට ගරු නොකිරීම .ඇත්තටම මේකෙ මූලික අඩිතාලම දැමිය යුත්තේ පෙර පාසලේන්. පෙර පාසලේදී දරුවෙකුට විවිධ ආගමික සමාජීය ආර්ථික සංස්කෘතික වශයෙන් වෙනස්කම් සහිත දරුවන් සමග සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනවා
.මෙහිදී ගුරුවරියක් විදියට විවිධ ජාතීන් ආගමික සංස්කෘතිකමය වශයෙන් එහි තිබෙන්නාවූ ඉතිහාසය ඇවතුම් පැවතුම් අත්දැකීම් වටිනාකම එහි තිබෙන්නාවූ ප්රයෝජන පිළිබඳ දරුවන්ට දැනුම ලබාදීමට අවශ්ය වෙනවා .බොහෝ විට දරුවන් සමඟ විවිධ ක්රියාකාරකම් වල නියැලෙන වෙලාවට මේ පිළිබඳව දැනුමක් ලබාදිය හැකි .
8)ඒ වගේම තමයි ගුරුවරිය තමන් විසින්ම සංස්කෘතික පොදු බැඳීම් සඳහා දක්වන අවංක ආකල්පමය සහ හැසිරීම.උදාහරණයක් විදියට තමන් යටතේ විවිධ ජාතීන් සංස්කෘතීන් භාෂා කතා කරන ගුරුවරියන් සිටිනවා නම් ඔවුන්ට තමා සලකන්නේ කෙසේද යන්න දරුවෝ බලාගෙන ඉන්නවා .ඒ වගේම විශේෂ උත්සව අවස්ථාවලදී හෝ විශේෂිත වූ ආගමික හා සංස්කෘතිකමය දිනයන් දරුවන් සමග සම්බන්ධ වීම එය සමරන්නේ කෙසේද යන්න
9)එපමණක් නොවෙයි තමන්ගේ පන්ති කාමරය තුළ දී තිබෙන සෙල්ලම් බඩු අධ්යාපන උපකරණ සෑම ජාතියකටම සංස්කෘතිකයටම භාෂාවකටම අදාල වීම .උදාහරණයක් විදියට ගත්තොත් තමන් දරුවන්ට දෙන පාට පැන්සල් කළු දුඹුරු සුදු රතු ආදී විවිධාකාර වර්ණ වලින් යුතු පාට පැන්සල් විය යුතුයි .ඒ තුළින් දරුවා ඉගෙන ගන්නවා විවිධාකාර වූ වර්ණ මේ ලෝකය තුළ පවතින බවත් විවිධාකාර වර්ණ සහිත මිනිසුන් මේ ලෝකය තුළ ජීවත් වන බවයි
දරුවන්ට දෙන puzzles ,විවිධ ජාතීන් සම්බන්ධ විවිධ ජාතීන් අනුභව කරන ආහාර
dress up corner එකේ විවිධාකාර ජාතියෙන් සංස්කෘතියට අදාළ ඇඳුම් ආයිත්තම් ප්රදර්ශනය කිරීමෙන් දරුවන්ට සංස්කෘතිමය වශයෙන් තිබෙන්නා වූ දැනුම වගේම ඒ දේවල්වල ගරු කිරීමට අපි අවස්ථාවක් ලබාදෙනවා
පමණක් නොවෙයි story corner විවිධ භාෂාවන්ට අයිතිය විවිධ සංස්කෘතිමය වශයෙන් වැදගත් වන්නා වූ පුංචි පොත් තිබීමෙන් ඔවුන්ට එම භාෂා පිළිබඳ විවිධත්වය වගේම භාෂාවන්ට ගරු කිරීම පිළිබඳව දැනුමක් ලබා දෙනව
©️2019 Disni Padmakumara .All Rights Reserved
Disni Padmakumara-Diploma Qualified Educator (YMCA chilcare-Australia)
No comments:
Post a Comment