Wednesday, August 28, 2019

ඔසප් කාලය තුල ලිංගික ක්‍රියාවලිය ( Sex during your peroid)

මාස තුනකට පස්සෙ කොහොම හරි වෙලාව හොයාගෙන ආයෙත් ඔය ගොල්ලන්ට ලිපියක් අරගෙන ඔන්න මම ආවා . අද මම ලියන මාතෘකාව කවුරුත් කතා කරන්න නැති, ඒත් ගොඩක් කාන්තාවන් මට පෞද්ගලිකව තමන්ගේ අත්දැකීම් ,ගැටළු යොමු කරපු මාතෘකාවක්. අන්තර්ජාල ලිපි,විවිධ සමාජ වල පුද්ගලයන්ගේ අත්දැකීම් ,ගැටළු අධ්යනය කරලා මේ ලිපිය ලියන්නේ ඔයගොල්ලන්ගේ දැනුම මේ පිළිබඳව වැඩි කිරීම මූලික කරගෙනයි.
බොහෝ කාන්තාවන් ඔසප් කාලයේදී ලිංගිකව එකතු වෙන්න දක්වන්නේ අකමැත්තක් ,තවත් අය ඒකට කැමැත්තක් තිබුණ විවිධ හේතු නිසා බිය වෙනවා.
****වාසි******
1) ඔසප් වේදනාවට සහනයක්
ලිංගික ක්රියාවලියේදී ඔබ සුරතාන්තයට ( Orgasm ) පත් වීම ඔබගේ ඔසප් වේදනාව අඩු වෙන්න හේතු වෙනවා. මාසයකට වරක් ගර්භාෂය ඇති ස්තර ඉවත් වීම( ඩිම්බය )නිසා සමහර කාන්තාවන්ට ඔසප් කාලයේදී වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. ලිංගිකව තෘප්තිමත් වෙනකොට ගර්භාෂයේ ඇති මාංශපේෂීන් ක්රියා කරන නිසා (Contract and Release) එමගින් ඔබට සහනයක් ලැබෙනවා. ඒ වගේම ලිංගික ක්රියාවලියේදී නිකුත් වන එන්ඩොෆින් සහ ඔක්සිටොක්සින් හෝමෝන නිසා ඔබට සතුට සහනය ලැබෙනවා. ඒ විතරක් නෙමේ ලිංගික ක්රියාවලියේදී කය වගේම මනස යන දෙකම ක්රියාකරන නිසා ඔසප් කාලයේදී ඇතිවන අපහසුතාවය මග ඇරෙනවා.

2) ඔසප් කාලය කෙටි වීම
ලිංගික ක්රියාවලියේ දී කාන්තාවකට උපරිම ලිංගික තෘප්තිය ලැබෙන විට ගර්භාෂයේ මාංශ පේශීන් ක්රියාවලිය නිසා ගර්භාෂය අන්තර්ගත දේ ඉක්මනින් ඉවත් කරනවා මේ නිසා , ඔසප් කාලය කාලය කෙටි වෙන්න පුළුවන්.


3) ලිංගික ආශාව වැඩි වීම
මට කතා කළ බොහෝ කාන්තාවන් පැවසූ දෙයක් තමයි මේ කාලය තුළදී ඔවුන්ගේ ලිංගික ආශාව වැඩි වුණු බව. මේ තත්වය ඇති වෙන්නේ ඔසප් කාලය තුළදී ඔබේ ශරීරයේ ඇති වන හෝමෝන ක්රියාවලිය නිසයි. ඉතින් ඒකට ඔබ බියවෙන්න වත් ,ලැජ්ජ වෙන්න වත් වුවමනා නැහැ .මේ කාලයේදී ඔබට ලිංගික එකතුවීමට අවශ්යනම් ,ඔබගේ සැමියා /සහකරු සමඟ ඒ පිළිබඳව කතා කරලා ලිංගිකව එකතු වෙන්න පුළුවන්.

ඔබගේත් ඔහුගේත් සරු කාලය තීරණය වීමට බලපාන කරුණු මොනවා ද?

බොහෝ විට විවාහ වුණු පසු කාන්තාවන්ට සහ පුරුෂයින්ට දරුවන් පිළිසිඳ ගැනීමේ දී විවිධ ගැටලු වලට මුහුණ පානවා. අද අපි කතා කරන්නේ කාන්තාවකගෙ වගේම පුරුෂයකුගේ සරු භාවය තීරණය වීමට බලපාන කරුණු මොනවා ද යන්නයි.
##නිවැරදි කාලය දැන ගැනීම
( Getting the timing right ) ඉස්සර කාලේ වගේ නෙමෙයි අද කාලේ ගැහැනු දරුවකු හෝ පිරිමි දරුවකු තරුණ වියට පත් වුණාට පස්සේ තමන්ගේ සෞඛ්‍යයට වඩා අධ්‍යාපනය රැකියාව නිවාස වාහන ආදී දේවල් ගැන වඩා සැලකිලිමත් වෙනවා .මම කළ අධ්‍යන කටයුතු වල මෙන්ම පෞද්ගලිකවම දරන අදහස වෙන්නේ මවක් අනිවාර්යෙන්ම තමන්ගේ දරුවන් වැඩිවියට පත්වූ පසු තමන්ගේ ශරීරය ,සෞඛ්‍ය ,මෙන්ම ලිංගිකත්වය සම්බන්ධව අවබෝධයක් අධ්‍යාපනයක් ඔවුන්ට ලබාදිය යුතු බවයි. 

සැමියා සහ බිරිඳ දරුවකු බලාපොරොත්තු වන විට බොහෝ විට සැලකිලිමත් වන්නේ කාන්තාවගේ සරු කාලය පමණක්. නමුත් දරුවෙක් ගැන බලාපොරොත්තු ඇති ඔබ සරු කාලය පමණක් නොව තවත් බොහෝ කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. 
ගැහැනු දරුවකු හෝ පිරිමි දරුවකු මේ සඳහා සූදානම් විය යුත්තේ විවාහයෙන් පසුව නොවේ. තමන් තරුණ වියට එළඹීමත් සමගම තමන්ගේ ශරීරයේ ඇතිවන වෙනස්වීම් පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න ඕනෙ.ඒ වාගේම තමයි තමන්ගේ ඔසප් වීම සිදු වූ දිනය පිළිබඳව සටහන් තබා ගැනීමත් අනිවාර්ය කටයුත්තක්. මේ සඳහා ඔබට ඔබගේ පෞද්ගලික දිනපොත ,ඔබගේ ජංගම දුරකතනයේ ඇප්ස් භාවිතා කරන්න පුළුවන්.
ගැහැනු දරුවකු හෝ පිරිමි දරුවකු තරුණ වියට පත්වීමත් සමඟම ඔබ දරුවකු බිහි කිරීම සඳහා සුදුසුකම් ලබනවා. මේ නිසා ගැහැණු දරුවකු විශේෂයෙන්ම ඔබගේ ඔසප් චක්‍රය පිළිබඳ මනා අවබෝධයක් ලබාගත යුතුයි .මොකද දරුවකු සෑදීමෙ දී අවශ්‍ය සරු කාලය තීරණය කිරීම,ඩිම්බහරණය වන කාලය තීරණය කිරීම,ඔසප් චක්‍රයෙ කාලය තීරණය කිරීමට වගේම ඔසප් චක්‍රයේ යම් ගැටලු පවතිනවා නම් ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ට මෙය ඉතාමත් වැදගත්.ඕනෑම කාන්තාවක් ගැබ් ගැනීමට හැකි වන්නේ ඔසප් චක්‍රය සරු කාලය තුලදී. ඔබට ඔබගේ සරුකාලය පිළිබඳව දැනුමක් ඇත්නම් ඔබට ඩිම්බහරණය වන කාලය පිළිබඳවත් දැනුවත් වීමට හැකි වනවා.

දරුවන්ගේ කුඩා මාංශපේශීන් හැසිරවීමේ වර්ධනය දියුනු කිරීම ( Fine Motor Skills Development)

කුඩා මාංශපේශීන් හැසිරවීමේ හැකියාව කියන්නේ මොකක්ද?

මෙයින් අදහස් කරන්නේ දරුවාගේ ඇඟිලි ,මැණික් කටුව ,අත අදාළ කරගෙන කුඩා මාශ පේශීන් චලනය කිරීමේ හැකියාවයි. දරුවෙකු උපතේ සිට මෙම කුඩා මාංශපේශීන් වර්ධනය වීම සඳහා නොයෙකුත් ක්රියාකාරකම්වල යෙදේ. 
නමුත් දරුවෙකුට ලිවීමට ,චිත්ර ඇඳීමට ,කුඩා වස්තුවක් සෙලවීමට ,දත් මැදීමට ,හෝ කතුර භාවිතා කර කැපීම් කිරීමට යම් අපහසුතාවක් දක්වන්නේනම් බොහෝවිට එම දරුවාගේ කුඩා මාංශපේශීන්ගේ වර්ධනයේ පසුබෑමක් තිබිය හැක. 
අප එදිනෙදා ජීවිතේ කුඩා චලනයන් කිරීමට යොදාගනු ලබන්නේ අප ශරීරයේ ඇති කුඩා මාංශපේශීන් .නමුත් එය අප සිතනවාට වඩා ලෙහෙසි ක්රියාවලියක් නොවේ.එය ඉතා සංකීර්ණ ක්රියාවලියක් .මෙහිදී මොලය ,ඇස සහ මාංශපේශීන් එකට සම්බන්ධ වී ක්රියා කරයි.
අප දන්නවා ලෝකේ ජීවත් වන සෑම දරුවෙකුගේම වර්ධනය එක සමාන නොවේ නමුත් එක් එක් වයස් අවදියන්හි ( Milestone ), දරුවෙකු විසින් වර්ධනය කළ යුතු ක්රියාකාරකම් ඇත.
උදාහරණයක් ලෙස ගතහොත් 
මාස 0 සිට 5 දක්වා දරුවන්ගේ කුඩා මාංශ පේශීන්ගේ ක්රියාකාරීත්වය අලුත උපන් දරුවා තමාට ප්රතිචාර දැක්වීමට දරුවාගේ අත චලනය කිරීම තමන් කැමති දේට ඇස යොමු කිරීම අන් අයගේ අනු දැනුම නොමැතිව චලනය වන කුඩා වස්තූන් ඇල්ලීමට උත්සාහ කිරීම ආදියෙන් දැකිය හැක.
මාස 6 සිට 12 දක්වා දරුවන් චලනය වන වස්තූන් ඇල්ලීම ,චලනය වන වස්තූන් දෙසට ගමන් කිරීම ,යම් වස්තුවක් දිගු කාලයක් අල්ලාගෙන සිටීම ,කුඩා වස්තුන් අල්ලා අතහැරීම ආදී ක්රියාකාරකම් කරයි.

නමුත් සමහර දරුවෝ ,මෙම ක්රියාකාරකම් කිරීමට අදාල වයස් අවධියට වඩා වැඩි කාලයක් ගනී . මෙම තත්වය Developmental coordination disorder (DCD) ලෙස හඳුන්වයි.
බොහෝ විට මෙම තත්තවය හඳුනා ගැනීමට හැකි වන්නේ දරුවන්ගේ පෙරපාසැල් අවධියේ දී.

දෙමාපියන් වැඩිහිටියන් හෝ ගුරුවරුන් විදියට අපට දරුවන්ගේ කුඩා මාංශ පේශීන් වර්ධනයට කළ හැකි ක්රියාකාරකම් මොනවාද???????
1 )පැන්සල් මගින් කරන ක්රියාකාරකම්- පාට කිරීම ,චිත්ර ඇඳීම ,ලිවීම .
2 )කතුර මගින් විවිධ දෑ කැපීමට දරුවාව උනන්දු කිරීම.
3 )lego ,blocks ,Puzzles ,කෝච්චි පාරවල් සම්බන්ධ කිරීම ආදී ක්රියාකාරකම්.
4 )බෝනික්කන්ට ඇඳුම් ඇන්දවීම ,බොත්තන් දැමීම ,හා බෝනික්කන් මගින් කරන අනෙකුත් ක්රියාකාරකම්.
5 )සපත්තුවේ ලේස් ගැට ගැසීම කොණ්ඩය කිරීමට පනාව ඇල්ලීම දැමීම බෙල්ට් දැමීම. Zip දැමීම ආදී දෑ.
6 )ඇඟිලි වලින් අල්ලා කෑම කෑමට උනන්දු කරවීම ,හැන්ද ගෑරුප්පුව අල්ලා කෑම කෑමට උනන්දු කරවීම ,පෙට්ටි ඇරීම හා වැසීම.
ඇඟිලි වලින් අල්ලා කෑම කෑමට කුඩා කල සිට දරුවා උනන්දු කරවීම ඉතාමත් හොඳ මාංශ පේශීන් වර්ධනය සඳහා ඇති ක්රියාකාරකමකි. මෙමගින් දරුවා කෑම වල විවිධ ස්වභාවයන් (රළු ,සිනිදු ,දියර )ස්වභාවයන් හඳුනා ගන්නට අවස්ථාව ලැබෙන අතර ඇඟිලි තුඩුවලින් අල්ලා ,එය කටට දැමීමේ දී සිදු වන ක්රියාකාරීත්වය දරුවාගේ කුඩා මාංශපේෂි වර්ධනය වීමට උදව් වෙයි.
7 )bubble wrap වල bubbles මහපට ඇඟිල්ල හා දබර ඇඟිල්ලෙන් පිපිරීමට උනන්දු කිරීම 
8 )අතේ ඇඟිලි ඇල්ලීම.
9 )ඇඟිලි තුඩු වලින් කොළ කැබලි ගෙන එය ඇලවීම.
10 )විවිධ රෙදි කැබලි සහිත පෙට්ටියක් නිර්මාණය කර ,එම පෙට්ටියෙන් රෙදි කැබලි ඇදීම ,ඇල්ලීමට උනන්දු කිරීම.
11 )පෙට්ටියක් තුලට විවිධ මතුපිට ස්වභාවයන් සහිත භාණ්ඩ දමා ,ඒවා ඇල්ලීමට ,සෙලවීමට සහ ඒවායෙන් විවිධ ක්රියාකාරකම් කිරීමට දරුවා උනන්දු කිරීම .
12 )බිත්තර ඇසුරුම් පෙට්ටියක් තුලට විවිධ වර්ණයන්ගෙන් යුතු රෙදි කැබලි ,කඩදාසි කැබලි දමා එම පෙට්ටිය ඇරීමට වැසීමට මෙන්ම එහි ඇතුළත් ද්රව්යයන් සමග ක්රියාකාරකම්වල යෙදීමට උනන්දු කිරීම.
13 )මැසීම ,නූලට පබුළු ,පස්ටා දැමීම.
14 )ඇඳුම් වේලීමේදී භාවිතා කරන clips නැතහොත් clothing pegs ,මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල යොදාගෙන ඇරීම සහ වැසීමට උනන්දු කිරීම සහ clips මගින් කුඩා ද්රව්යයන් අල්ලා ගැනීමට උනන්දු කිරීම.
15 )playdough මිරිකීමෙන් ,තද කිරීමෙන් කුඩා playdough කටර් භාවිතා කර විවිධ රූප කැපීමට විවිධ රූප ඇඹීමට උනන්දු කිරීම.

(සැ.යු-ඇතැම් දරුවන් විවිධ ආහාර ,සතුන් ආශිතව නිපදවන රෙදි ,මගින් ආසාදන-allergy තත්වයන්ට පත්විය හැකි බැවින් ,එවැනි දරුවන්ට වෙනත් දේ විකල්ප ලෙස භාවිතා කරන්න .)
©️2019 Disni Padmakumara .All Rights Reserved
Disni Padmakumara-Diploma Qualified Educator (YMCA Chilcare-Australia)

ඔබේ සැමියාට ඔබ සමග ලිංගිකව එකතු වන්න ඕනේ නැද්ද ?

ඔබේ සැමියාට ඔබ සමග ලිංගිකව එකතු වන්න ඕනේ නැද්ද ?? ඔහුට ඒ පිලිබදව උනන්දුව අඩු වෙලාද??
Loss of libido in men/why men lose interest in sex

"එයා වැඩ ඇරිලා ආපු ගමන් ටීවී එක දාගන්නවා.මාස කීපයක්ම මං මේක බලන් හිටියා. එයා ගාව වාඩි වුණ ගමන් කියන්නේ අද නම් බැහැ මහන්සි කියල.නිදාගන්න ඇදට ගියත් වෙනදා වගේ තුරුල් කර ගන්නේ නෑ.මං ගැන තමයි කිසිම උනන්දුවක් නැත්තේ.එයාගේ වැඩ වලට නම් මහන්සියක් නැහැ.වෙලාව ඕනේ තරම් තියෙනවා.එකට හිටියත් එයාට කිසිම සතුටක් නෑ .එයාට මාව එපා වෙලාද ?එයාට වෙන affair එකක් තියනවද?? මං කැතද??"
ඉහත සඳහන් කළේ පසුගිය සති කීපය තුළදීම මට කතා කළ කාන්තාවන් ගෙන් බොහෝ දෙනෙක්ගේ කතාවයි.අපේ සමාජය තුළ බොහෝ විට කාන්තාවන් ලිංගික කාර්ය ට ඇති කැමැත්ත අඩුවීම සහ ඒ තුලින් පීඩනයට පත්වන සැමියන් සහ පවුල් ගැටලු කතා කළත් ,පිරිමින්ගේ ලිංගික කැමැත්ත අඩුවීම නිසා මානසික පීඩනයට පත්වන කාන්තාවන් පිළිබඳව කතා කරන්නේ නැති තරම් .මම ලංකාවේ ගත කළ මාස කීපය තුළ විවිධ තරාතිරමේ විවිධ සමාජ තලවල ජීවත් වන කාන්තාවන් සමග කතා කළ ගැටලුවල දී 40%වඩා වැඩි කාන්තාවන්ගේ ප්රධාන ගැටලුවක් විදියට ඉදිරිපත් වුණේ තම සැමියන් තමා සමග තිබෙන ලිංගික සම්බන්ධතාවයන්ගේ අඩුවීම හා ඒ තුළින් තමාට ඇති වුණු මානසික පීඩනයන් සම්භන්දවයි.බටහිර රටවල මෙන් නොව අප සමාජයේ ජීවත්වන සැමියන් මේ පිළිබඳව ඇති උනන්දුව අඩුවීම ඒ තුළින් මේ පිළිබඳව ලංකාවේ වාර්තා නොවීමත් නිසා මෙම ගැටලුව සමාජගත වීමට තිබෙන අවස්ථාව බොහෝ විරලයි.මෙවැනි අවස්ථාවල කාන්තාවන්ට තම සැමියා වෙනත් සබඳතාවන් ඇති යැයි සැක කිරීම නිසා විවාහ ජීවිතය අනවශ්ය ගැටළු ඇති වූ අවස්ථා මට දකින්නට ලැබුණා. ඇත්තටම තම සැමියා තමන් සමග ලිංගිකව එකතු වීමට කැමති නැත්තේ වෙන සබඳතාවක් නිසා ද ??මෙයට වෙන හේතු නැද්ද ??අද මම කතා කරන්නේ අපේ සමාජය කතා නොකරන එහෙත් කතා කලයුතු මෙම ගැටළුව ගැනයි.
විවාහ ජීවිතය තුළ ලිංගික කාර්යය සඳහා ඇතිවන කැමැත්ත /උනන්දුව අඩු වැඩිවීම කාලයෙන් කාලයට විවිධ හේතු නිසා සිදුවන්න පුළුවන්.එය බොහොම සාමාන්ය දෙයක්.නමුත් දිගු කාලයක් තමන්ගේ සහකරු ලිංගික ක්රියාව සඳහා උනන්දුවක් දක්වන්නේ නැත්නම්,එය ඔබට ඔහුට වගේම ඔබලාගේ විවාහ ජීවිතයටත් සෘණාත්මකව බලපානවා.නමුත් මෙය ඔබත් සැමියාත් අවබෝධයෙන් කටයුතු කළ හොත් පිළිතුරු සොයා ගත හැකි තත්වයක්.

•••ඔබගේ සැමියා ලිංගික කාර්යයට ඇති උනන්දුව අඩුවීම ඔබ දැනගන්නේ කෙසේද???
*ඔබගේ සැමියා ඔබව හෝ ඔබ ඔහුට කරන ස්පර්ශයන් නිදන කාමරය තුල පමණක් සීමා කරනවා නම්
*sex feeling ඇතිකලත් ඔබගේ සැමියා ඉන් ඉදිරි කාර්යයට සම්බන්ධ නොවනවා නම් 
*ඔබගේසැමියා sex ප්රතික්ෂේප කිරීම 
*ලිංගික ක්රියාවක් කරන්නන්වාලේ කිරීම
*ඔබගේ සැමියාට ඔබ ගැන මනසේ කිසිදු ලිංගික සිතුවිලි පහල නොවීම 
*මසකට එක්වරක් හෝ දෙවරක් පමණක් ඔබ සමඟ සැමියා sex කිරීම.

•••ඇයි මෙහෙම වෙන්නේ?

ගර්භණීය සමයේ ඔබ සහ ඔහු

උපදේශන සේවාව පිළිබඳ වැඩිදුර අධ්යාපනය ලබා ගැනීමට බලාපොරොත්තු වන මට , ලංකාවේ සමාජීය ගැටළු පිළිබඳව අධ්යනය කිරීමෙදී ,90% ලිංගික අධ්යාපනය පිළිබඳව ඇති දැනුම අඩු නිසා පැන නැඟුණු ගැටලූ බව පෙනී ගියා.මෙය අපේ රටේ සංස්කෘතිය තුළ බොහෝ සැඟවී කතාකරන මාතෘකාව නිසා බොහෝ කාන්තාවන් මෙම කරුණු සම්බන්ධව මානසික පීඩනයකට ලක්ව ඇතිබව පෙනෙන්නට තිබුනා.
ගර්භනි සමයෙ ලිංගික සම්බන්ධතාවයන් පිළිබඳ ව බොහෝ කාන්තාවන් මට ගැටලු යොමුකර තිබුනු නිසා මාතෘකාවට අදාලව අන්තර්ජාලයේ බොහෝ ලිපි අධ්යනය කිරීමෙන් පසු මෙම ලිපිය ලිවීමට මා අදහස් කළා.මෙහි ඇති කාරණා සම්බන්ධයෙන් ඔබට යම් උපදෙස් අවශ්ය නම් ඔබ ,ඔබගේ පවුලේ වෛද්යවරයා,පවුල් සෞඛ්ය සේවිකාව හො ප්රසව හා නාරි වේද වෛද්යවරයා ගෙන් උපදෙස් ලබාගත යුතු අතර මේ පිළිබඳව ඔබට ඇතිවන ගැටලු සම්බන්ධව වෛද්ය විද්යාවට අනුකූලව පිළිතුරු සැපයීමට මාහට සුදුසුකමක් නොමැති බව කාරුණිකව දන්වා සිටින අතර මෙම ලිපිය හුදෙක් ඔබගේ දැනුම සඳහා පමණක් වන බව කාරුණිකව සලකන්න.

බොහෝ මව්වරු ගර්භණී සමයේ තම සහකරු සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන්නට බියක් දක්වනවා.එයට ප්රධාන හේතුවක් ලෙස ඔවුන් දක්වන්නේ එම සබඳතා නිසා කුස තුල සිටින දරුවාට හානියක් වේවි යන්නයි.නමුත් එවැන්නක් තුළින් දරුවාට කිසිදු හානියක් සිදුනොවේ.මන්දයත් දරුවා නැතිනම් කලලය ගර්භාෂය තුළ තිබෙන නිසා මෙන්ම ශ්ලෙෂ්මල සවිවර මගින් දරුවා ආසාදන වලින් රක්ෂා කිරීම නිසායි.මෙහිදී ඔබට ආරක්ෂාකාරී ලිංගික ඉරියව් පිළිබඳ දැනුම ඔබගේ වෛද්යවරයාගෙන් ලබාගත හැක
පළමු මාස තුන
පළමු මාස 3 තුළ බොහෝ කාන්තාවන්ට ලිංගික සබඳතා පිළිබඳව ඇති කැමැත්ත අඩු විය හැක. හෝමෝන වල වෙනස් වීම, ලේ ගමනාගමනය වෙනස්වීම,කෑම රුචිය වෙනස්වීම, පියයුරු වල සංවේදීතාවය ආදිය නිසා සමහර කාන්තාවන්ගේ ලිංගික අවශ්යතාවය අඩු වන අතර සමහර කාන්තාවන්ට මෙය ධනාත්මක ලෙස තමන්ගේ ලිංගික සබඳතා සඳහා බලපාන්න පුළුවන්. මෙම ලිංගික සබදතාව නිසා ඔබේ කුස තුල සිටින දරුවාට කිසිදු ආකාරයක බලපෑමක් සිදු නොවේ.ඔබගෙ ගර්භාෂයේ ඇති ශක්තිමත් මාංශ පේශීන් නිසා ගබ්සා වීමට ඇති බලපෑම මග ඇරෙයි. ඒවාගේම සංසර්ග කාර්යයේදී පුරුෂ ලිඟුව යෝනි මාර්ගයෙන් ඔබ්බට නොයන බැවින්,කුස තුළ සිටින දරුවාට කිසිදු හානියක් සිදුනොවේ.මෙහිදී ඔබගේ සහකරු,ඔබට අපහසු ආකාරයට ශරීරය මත නොවැටී සිටීමට වගබලා ගත යුතුයි. ගැබිනි කාන්තාවක් උපරිම ලිංගික තෘප්තියක් ලැබෙන අවස්ථාවේදී, ගර්භාෂය යම් සංකෝචනයට ලක් වන නමුත් එය මවට හෝ දරුවාට කිසිදු හානියක් සිදුනොවේ. මෙහිදී ප්රසව වේදනාවක් එනවා යැයි ඇති මතය මිත්යාවකි.

පසු ප්‍රසව විශාදය - Postpartum Depression / Postnatal Depression

නවක යුවළක් විවාහ වුණාට පස්සේ තමන්ගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව වෙන්නේ ආදරණීය දෙමාපියන් බවට පත්වෙන්න. නමුත් බොහෝ මව්වරු මෙන්ම පියවරු පසු ප්රසව විෂාද(Postpartum Depression) තත්වයට පත් වෙන්න පුළුවන්.
තමන්ගේ ජීවිතයට අලුතෙන් එකතු වුනු අමුත්තා නිසා ඇති වූ වෙනස්කම් එකපාරටම තමන්ගෙ ජීවිතයට දරාගන්න බැරි වුනාම ගොඩක් දෙමාපියන්ට මේ තත්ත්වය ඇති වෙනවා. ඒවාගේම මවකගේ ශරීරය ඇතුළත සිදුවන හෝමෝන වෙනස් වීම ද මෙයට බලපානවා. තවද බොහෝ නවක මව්වරුන්ට ප්රමාණවත් සහයෝගයක් නොලැබෙන නිසා මේ තත්වයට පත් වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයකදී මවට වගේම පියාටත් උපදේශන සේවාව අත්යවශ්යයි.

මොකද්ද මේ baby blue කියලා කියන්නෙ
දරුවා ඉපදිලා දවස් හතරක් පහක් ඇතුළු තුල මවකට මෙම තත්වයට පත් වෙන්න පුළුවන්. බොහෝවිට දරුවා බිහිවන අවස්ථාවේදී මව පත්වුණු මානසික තත්ත්වය මෙයට බලපාන්න පුළුවන්. මෙම තත්ත්වය දරුවා ඉපදී සතියක් හෝ දෙකක් ඇතුලත මවගේන් නැතිවී යනවා.
**හේතුවක් නොමැතිව ඇඬීම
**නිතරම දුකින් සිටීම 
**තෙහෙට්ටුව සාංකාව ආදී ලක්ෂණ මෙම තත්ත්වයේදී මවකගෙන් දැකිය හැකි.

Postpartum Depression( පසු ප්රසව විශාදය)
ඉහත සඳහන් කළ baby blue තත්ත්වයට වඩා මෙම තත්වය භයානකයි .baby blue තත්ත්වය සති දෙකකින් මව ගෙන් ඉවත් නොවුනහොත් බොහෝ විට එය පසු ප්රසව විශාදය තත්ත්වයට යා හැක.
බොහෝ විට මව නිතරම 
**ආවේගශීලී වීම ,ව්යාකූලව සිටීම 
**සිත එකඟ කරගෙන කිසිදු කටයුත්තක් කිරීමට නොහැකි බව
**නිතරම තමා වැරදිකරුවෙකු යැයි සිතීම 
**දරුවාට අනතුරක් කළ යුතු යැයි සිතීම 
**තම ජීවිතය නැති කර ගත යුතු යැයි සිතීම. 
**තම දරුවාට තමා හොඳ මවක් නොවේ යැයි සිතීම. 
**දරුවාගේ සෞඛ්යය තත්ත්වය ,දරුවාගේ යහපත පිණිස තමා වැඩකටයුතු කරනවා අඩු යැයි සිතීම 
**ආහාර ගැනීමට නොහැකි වීම ,නිදා ගැනීමට නොහැකි වීම
**නිතරම බලාපොරොත්තු විරහිතව සිටීම 
**තමා කිසිදු වටිනාකමක් නැති පුද්ගලයෙක් යැයි සිතීම ආදි ලක්ෂණ පසු ප්රසව විෂාද යෙදී දැකීමට පුළුවන්.

බොහෝ විට මෙයට හේතු කීපයක් දැක්විය හැක

දරු ප්‍රසූතියෙන් පසු සැමියාගේ සහ බිරිඳගේ අන්‍යෝන්‍ය බැඳීම

ප්රථම දරු ප්රසූතිය කියන්නේ නව යුවළකට ලොකු කඩඉමක් .දෙමාපියන් වීමේ සතුට වගේම එයින් එකතුවන වගකීම්වලට නව දෙමව්පියන්ට මුහුණදෙන්න සිද්ධ වෙනවා. මා පිටරට ජීවත් වන නිසා සතුට ,වගකීම වලට අමතරව නිතරම කතා වන මාතෘකාවක් තමයි ,දරු ප්රසූතියෙන් පසු ඇතිවන අඹුසැමි සබඳතා ප්රශ්න.ලංකාවේ සංස්කෘතියත් සමඟ මේ දේවල් ප්රසිද්ධියේ කතා නොවුනත් ,මා ලංකාවේ සිටින කාලයේදී මේ සම්බන්ධව බොහෝ ප්රශ්න අසන්නට ලැබුණා .ඒ නිසයි මෙම ලිපිය ඔබට ලියන්න හිතුනෙ.

වෙහෙස, කාලය අඩු කම ,හෝමෝන වෙනස්වීම, නැවත ගැබ් ගැනීමට ඇති බිය ආදී දේ නිසා කාන්තාවන්ට ලිංගික අවශ්යතාවයන් අඩු හෝ වැඩි වශයෙන් දැනෙන්න පුළුවන්.සමහර අඹුසැමියන් බොහෝ විට තම ලිංගික අවශ්යතාවයන් පිළිබඳව ඔවුනොවුන් ,විවෘතව කතා කරනවා .එවැනි අයට බොහෝවිට මෙම සම්බන්ධව ඇතිවන ගැටලු සීමාසහිතයි .නමුත් අප රටේ සිටින බොහෝ කාන්තාවන් මෙන්ම පිරිමි මෙම ක්රියාව පිළිබඳව විවෘතව කතා කරන්න කැමති නැහැ .ඔවුන් සිතන්නේ තම කැමැත්ත හෝ අකමැත්ත ප්රකාශ කිරීම නුසුදුසු හෝ අනවශ්ය බවයි .මට ඇසුණු කතා වල බොහෝ කාන්තාවන් පැවසුවේ මේ පිළිබඳ තම සැමියා සමග කතා කළහොත් තම සැමියා තමන් ගැන වැරදි වැටහීමක් ඇති කර ගනී යන්නයි.මෙහිදී ඔවුන් බොහෝවිට දරු ප්රසුතියෙන් පසු ලිංගික හා බැඳියාවන් සම්බන්ධව බොහෝ දුෂ්කරතා සහ පීඩාවන්ට පත් වේ .මෙහිදී ඔබ වෛද්ය උපදෙස් හෝ උපදේශන සේවාව අනිවාර්යයෙන් ලබා ගත යුතුයි.

දරුවන් සමඟ ලිංගික අතවර පිළිබඳව සරලව කතා කරමු

වර්තමානයේ දරුවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ලිංගික අතවරයන්ට ලක් වෙනවා. කුඩාකල සිට දරුවන්ට තමන්ගේ රහසිගත ප්‍රදේශය නැත්නම් ලිංගික ප්‍රදේශ පිළිබඳව දැනුවත් කිරීම අද අත්‍යවශ්‍ය කාර්යයක් බවට පත් වෙලා තියනවා.
නමුත් අප දන්නවා දෙමාපියන් විදියට මේ පිළිබඳව දරුවන්ව දැනුවත් කිරීමට අපහසුය.මන්දයත් එයට සුදුසුම වේලාව කුමක්ද යැයි දෙමාපියන්ට වටහාගත නොහැකි නිසා. එසේ වුවත් එය දරුවන්ට තේරුම් ගත හැකි සරල ලෙස කියා දීම තුළින් දරුවන්ට තමන්ගේ ශරීරයේ අංග පිළිබඳව තේරුම් කර දිය හැක.
ඇයි අප PANTS ගැන කතා කරන්නේ ?????
PANTS සංකල්පය හඳුන්වා දී ඇත්තේ දෙමව්පියන්ට මෙන්ම වෘත්තිකයින්ට මෙම කතාබහ ලෙහෙසි පහසු විදියට දරුවන්ට අවබෝධ කර දෙන්නයි.

P-PRIVATES ARE PRIVATE
දරුවන්ට තම යට ඇඳුම මගින් තම රහසිගත ප්‍රදේශය ආවරණය කරන බවත් එය තමාගේ පෞද්ගලික අවයවයක් බවත් වටහා දෙන්න. එමෙන්ම එය කාටවත් බැලීමට හෝ ස්පර්ශ කිරීමට නොහැකි බව උගන්වන්න .නමුත් සමහර අවස්ථාවන්වලදී දෙමාපියන්ට, හෙදියන්ට ,දොස්තරවරුන්ට එය ස්පර්ශ කිරීමට ,පරීක්ෂා කිරීමට සිදුවෙන බව වටහා දෙන්න.එවැනි අවස්ථාවලදී එම විශේෂ පුද්ගලයින් එම ප්‍රදේශ පරීක්ෂාවට හෝ ස්පර්ශ කිරීමට ලක් කරන්නේ ඇයි බව ඔවුන්ට කාරුණිකව වටහා දෙන බවද දරුවන්ට උගන්වන්න

A-ALWAYS REMEMBER YOUR BODY BELONGS TO YOU
තම ශරීරය තමාට පමණක් අයිති බවත් ,අන් අයට එම ශරීරයට කිසියම් දෙයක් කිරීමට නොහැකි බවත් උගන්වන්න .එමෙන්ම යම් කෙනෙක් එය බැලීමට හෝ ස්පර්ශ කිරීමට උත්සහ කළහොත් "එපා" "No" යන්න බිය නොමැතිව ප්‍රකාශ කිරීමට දරුවාට උගන්වන්න. එමෙන්ම එවැනි දෙයක් සිදු වුවහොත් තමාට විශ්වාසවන්ත ම කෙනෙකුට එය බය නැතුව ප්‍රකාශ කළ යුතු බව ද දරුවාට උගන්වන්න.

ඇයි අප දරුවන් සමග Blocks වලින් සෙල්ලම් කරන්නේ?

Block Play මගින්,දරුවන්ගේ මනෝමය වශයෙන් (conceptual understanding ) ගොඩනගා ගන්නා ලෝකය අවබෝධ කරගැනීමට හැකිවනවා මෙන්ම දරුවන්ට බොහෝ දෑ ඉගැනීමට අදාළ ගුණාත්මක පරිසරයක් නිර්මාණය කිරීමට හැකි වනවා.
කුඩා දරුවන්ට මෙම ක්‍රියාකාරකම තුළින් නිර්මාණ,ප්‍රශ්න විසඳීම ,අත්හදා බැලීම,පරීක්ෂා කිරීම ,අනුවර්තනයවීම ,සහයෝගයෙන් ක්‍රියා කිරීම ,විස්තර කිරීමේ හැකියාව පමණක් නොව දරුවන් ,ගුරුවරුන් ,වැඩිහිටියන් මෙම ක්‍රියාකාරකම සඳහා සම්පූර්ණ වශයෙන් ම සහභාගි වීම නිසා ,ඉතා ඉහළ ගුනත්වයෙන් යුතු ,අභියෝග වලින් යුතු සහ අත්වලින් ක්‍රියාකාරකම් කිරීමට ඉගෙන ගන්නා පරිසරයක් නිර්මාණය වේ.

Naughty Corner සංකල්පය සුදුසුද?


බටහිර රටවල් වල මෙන්ම ලංකාවේද අද වන විට Naughty Corner සංකල්පය භාවිතා වනවා.නමුත් අද වන විට බටහිර රටවල විද්වතුන් මෙම Naughty Corner සංකල්පය දරුවන්ට නුසුදුසු බව පරීක්ෂණවලින් සොයාගෙන තිබෙනවා .විශේෂයෙන්ම අවුරුදු 3ට අඩු දරුවන් සඳහා මේ ක්රමය නුසුදුසු බවයි මනෝ වෛද්යවරු මෙන්ම දරුවන් සඳහාම වන විද්වතුන් සදහන් කරන්නේ.
මොකද්ද මේ Naughty Corner නැත්නම් time-out ,Thinking time, cooling -off time කියන්නේ????
දරුවකුගේ සාමාන්ය හැසිරීමෙන් පිට නැත්තං දඟ හෝ නරක යැයි හැඟවෙන ක්රියාවක් කළ හොත් ,තමන් කළ ඒ ක්රියාව ආවර්ජනය කර ,එම ක්රියාව වැරදි බවට තමන් විසින්ම තේරුම් ගැනීම සඳහා හුදකලා කරන ස්ථානය මෙම නම් හදුන්වයි.
මේ time-out නැතහොත් Naughty Corner සංකල්පය තුලින් දරුවන්ට හොඳ පුරුදු නැතහොත් discipline කියාදෙන ක්රමයක් නොවන බවයි විද්වතුන්ගේ අදහස .
Australian Association for Infant Mental Health වාර්තාව අනුව, දරුවාව දෙමාපියන් හෝ භාරකරු තමාගේ සම්බන්ධතාවයෙන් ඉවත්කොට දෙනු ලබන මෙම දඬුවම ඉතාමත්ම නුසුදුසු දඬුවමක් ලෙස දක්වා ඇත .

ඔවුන් මෙහිදී හේතු ලෙස දක්වන්නේ
1 මෙම ක්රමය දරුවන්ට තමන් කල වැරැද්ද පිළිබඳව තමන් විසින්ම ඉගෙනීමට තිබෙන්න ඵලදායි ක්රමයක් නොවන අතර
2 කුඩා දරුවන්ට තම හැඟීම් තමන් විසින් පාලනය කිරිමට ඇති නොහැකියාව නැතහොත් ඔවුනට තම දෙමාපියන් ගුරුවරුන් හෝ භාරකරුවන්ගේ සහාය තම හැඟීම් පාලනය කිරීමට අවශ්ය බව පෙන්වා නොදෙන සංකල්පයක් බවයි.
මනෝවෛද්ය Dr. Louise Porter තම ග්රන්ථය වන "Children are People too" දක්වන්නෙ මෙම ක්රමය තුළින් දරුවා තමන් විනාශකාරී ක්රියාවක් කළා යයි හඟවන අතර දෙමාපියන් දරුවා දරුවකු බව අමතක කරවන සංකල්පයක් බවයි.

සංස්කෘතික පොදු බැඳීම


සෑහෙන කාලෙකට පසු ලංකාවට පැමිණි මට ලංකාවේදී දරුවන් සම්බන්ධව ලැබුණු අත්දැකීම් විවිදාකාරයි.දරුවන් ගුරුවරුන් සහ දෙමාපියන් පිළිබඳව ඕස්ට්රේලියාවේ අධ්යාපනය ලැබූ පළපුරුදු ගුරුවරියක් විදියට මම ලබාගත් සුදුසුකම් සහ අත්දැකීම් මත ලිපි කීපයක් පළ කිරීමට අදහස් කළා. ඔස්ට්රේලියාව කියන්නේ විවිධ ජාතීන් සහ භාෂා දෙසියකට වඩා කතා කරන රටක්.එවැනි රටක් මෙලෙස දියුණු වීමට මූලිකවම බලපා ඇති කරුණක් වන්නේ පෙර පාසල් අවධියේ සිටම දරුවන්ට සංස්කෘතික බැඳීම් පිළිබඳව ලබාදෙන්නාවූ අධ්යාපනයයි. ඕස්ට්රේලියානු ජාතිකයන් අන්යයන්ට ගරු කිරීම සහ අන්ය සංස්කෘතීන් පිළිබඳ ඉගෙන ගැනීමේ තිබෙන වැදගත්කම කුඩා කල සිටම තම දරුවන්ට උගන්වනු ලබන නමුත් ලංකාවේ පෙරපාසල් අධ්යාපනය තුළ අනෙකුත් ආගම් සහ ජාතීන් භාෂා සම්බන්ධ කෙරෙන්නා වූ සංස්කෘතික කටයුතු ඉතාමත් සීමාසහිත යන්නයි මගේ අදහස. 


පෙරපාසල වගේම නිවසේදී තම දරුවන්ට වෙනත් සංස්කෘතීන් ආගම භාෂා පිළිබඳව දැනුමක් ලබාදීම ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ගේ ඉතාමත් වැදගත් කර්තව්යයක් වනවා. 

ඇත්තටම සමාජයේ ජීවත්වෙන දරුවෙක් පාසලෙන් මෙන්ම තම දෙමාපියන්ගේ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ???මූලික වශයෙන්ම දරුවෝ ඒ අයගේ ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා .ඒ වාගේම තමයි අන්යෝන්ය වශයෙන් තියෙන බැඳියාව ගරු කිරීමත් බලාපොරොත්තු වෙනවා .ඒ විතරක් නෙමෙයි ගුරුවරුන් දෙමාපියන් සහ දරුවන් අතර තිබෙන බැඳියාව වගේම තමාගේ බලාපොරොත්තු සාධාරණත්වය විවිධත්වය නැත්තන් වෙනස්වීම් වලට තිබෙන ගරු කිරීමත් ඔවුන් බලාපොරොත්තු වෙනවා .පෙර පාසල් ගුරුවරියක් විදියට හෝ දෙමාපියන් විදියට ඉහත සඳහන් කළ මූලික සිද්ධාන්ත තමන්ගෙන් ඉගෙන ගන්න දරුවාට හෝ දරුවන්ට ලබාදීමට හැකි වන්නේ ඔවුන් සමග කරන්නාවූ එදිනෙදා ක්රියාකාරකම් වගේම ,තමන්ගෙ අත්දැකීම් මත පදනම්ව දරුවන්ට ලබාදෙන අධ්යාපනය තුළිනි.

සංස්කෘතික පොදු බැඳීම යනු, වෙනස් වූ සංස්කෘතීන් පිළිබඳ ව අවබෝධ කර ගැනීමේ හැකියාව ඒ පිළිබඳව දැනුවත් වීම සන්නිවේදනය කිරීමේ හැකියාව මෙන්ම විවිධ සංස්කෘතීන් වලට අදාල පුද්ගලයින් අතර අන්යෝන්ය වශයෙන් සම්බන්ධකම් පැවැත්වීමේ හැකියාව යි.